Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

සංචරණ සීමා මීට වඩා දැඩි විය යුතුයි - වෛද්‍ය පද්මා ගුණරත්න

861Views

මෙි වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ කොළඹ ගම්පහ කළුතර පළාත් වල ඩෙල්ටා ප‍්‍රභේදය සීඝ‍්‍රයෙන් පැතිරයමින් ඇති බවටයි.

මෙම තත්ත්වය මත සංචරණ සීමා දැඩිව පැනවූයේ නැත්නම් රටක් ලෙස මෙය පාලනය කිරීම ඉතා අපහසු බව ද ඇය පෙන්වා දෙයි.
මෙම අවස්ථාවේදී අනිවාර්යෙන්ම සංචරන සීමා පැනවිය යුතු බවද ඇය අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ පවතින තත්වය සමාලෝචනය කර සමබරව ගෙන යාමට නොහැකි වුවහොත් එම තීරණය ගැනීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇති බවය

 

 

අනුරංග