Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

උද්ඝෝෂණය කරන්න ඉඩ දීලා යද්දී අත්අඩංගුවට ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයද ?

1363Views

 වෘත්තීය සමිති සන්ධානය විසින් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදිව පිළිවෙලට පාරේ වාහන වලට ඉඩ දෙමින් අපි රථවාහන පෙලපාලියෙන් ජනාධිපති කාර්යාලය ලගට අවා. ජනාධිපති කාර්යාලය අසල ඔවුන් අපිට නිදහසේ ඒ  වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට උද්ඝෝෂණය කරන්න සම්පූරණයෙන්ම ඉඩ ලබා දීල තිබුණේ.පැහැදිලිවම ගේටුටු නෑ සියලු දෙනාට විවෘර්තව ප්‍රජාතන්ත්‍රවාදි වටපිටාවක් නිර්මාණය කරල තියනවා කියලා සම්පූරණයෙන් පෙන්නලා තිබුණේ.


දැන් අපි උද්ඝෝෂනය කරා අපි සාකච්චා කලා සියලු දේවල් කලා ඉවර වෙලා යනකොට ඔන්න ඇත්ත එලියට අවිත් තියෙන්නෙ, මොකක්ද යනගමන් පොලිසි වලින් අපේ සාමාජිකයෝ අපේ ක්‍රියාකාරිකයෝ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක මොකක්ද  මේකද ප්‍රජාතන්ත්‍රවාදය. 16 දෙනෙක් ගුරුවරියන් ඔක්කොම 50ක් වගේ වෙනවා.

 අත්අඩංගුවට අරන් තියනවා.මාලිගාවත්ත, දෙමටගොඩ, පෑලියගොඩ පොලිසි වලින් අරන් තියන්වා.අරගෙන දැන් කොහෙද දාලා තියෙන්නේ අපි මේ මාධ්‍යය සාකච්චාව තියන වෙලාවේ වරාය ඇතුලේ වරායේ පොලිසියේ කිසිම කෙනෙකුට බලන්නවත් විදියක් නෑ.මේක සාධාරණ ද?

දැන් මේ ගුරුවරු ගෙදරින් උදේ ආවේ,තමන්ගෙ ගෙදරට කියල අපි උද්ඝෝෂණයට යනවා අපි ආයේ එනව කියලා පරම චේතනාවකින්.දැන් මේ අය දරුවො ඉන්න අම්මලා මේ අය්ට විවිධ අවශ්‍යයතා තියනවා.සමහර අයගේ වැඩිහිටියෝ ඉන්නවා බලාගන්න.

තමන්ගේ වැටුප් ගැටලුවට උද්ඝෝෂණය  කරන්න ආවාම සියලු දේවල් කතා කරලා යෝජනා කරලා පස්ස දොරෙන් අත්අඩංගුවට ගන්න එක මොන ප්‍රජාතන්ත්‍රවාදයද ?

අපි ගන්න සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා, අපේ වැටුප් විශමතාවය විසදෙන තුරු අපි ගන්න පුලුවන් සියලූම ක්‍රියාමාර්ග අපි ගන්නවා

ඒ වගේම අධ්‍යාපන ලේකම්වරයා මේ නිකුත් කරන අනීතික ලිපිය ඉල්ලා අස්කරගන්න තුරු කිසිම ගුරුවරයෙක් පාසලට එන්නෙ නෑ කියන එක අපි කියන්න කැමති.