Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

වත්මන් ජනාධිපති තුමා බලයට ගේන්න මම උදව් කළ බව ඇත්ත - ඉරාජ් වීරරත්න

4804Views

ඉරාජ් වීරරත්න කියන්නේ ලංකාවේ ගීත කලාව වෙනස්ම පැත්තකට ගෙන ගිය කළා කරුවෙක්. ඒ වගේම ආන්දෝලනාත්මක වීඩියෝ නිර්මාණය කිරීම නිසාත් ඉරාජ් ලංකාවේ හැමෝම අතර ජනප්‍රියයි.

ගායකයකු, මියුසික් වීඩියෝ නිර්මාණකරුවකු, යූ ටියුබ් නාළිකා මෙහෙයවන්නකු හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස තමන්ගේ නිර්මාණ කටයුතුවල නිරත වී ඉරාජ් පසුගිය කාලයේ දේශපානය නිසාත් හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුණා.

ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගේන්න විශාල වැඩ කොටසක් කල නිසා.....

" වත්මන් ජනාධිපති තුමා බලයට ගේන්න මම උදව් කළ බව ඇත්ත. ඒකට විශේෂයෙන්ම බලපෑවේ පහු ගිය ආණ්ඩු කාලයේ තිබුණු ප්‍රශ්න.  ඉතින් ඒ අය එළවන්න සහ අලුත් කෙනෙක් පත් කරන්න වැඩ කටයුතු කළා....."

ඉරාජ් ගැන හැමෝම කියන කතාවක් තමයි ඉරාජ් මියුසික් වීඩියෝ හා යූ ටියුබ් වලින් විශාල මුදලක් සොයනවා කියලා. ඉතින් ඒ ගැන ඉරාජ් කියන්නේ මේ වගේ කතාවක්......

 " ඔව් මට යම්කිසි ආදායමක් එනවා. නමුත් යූ ටියුබ් ආදායම් වල සියලුම මුදල් යොදවන්නේ දුප්පත් ළමයින්ට සහ පන්සල් වලට. විශේෂයෙන් පිළිකා හැදුණු ළමයින්ට. ඇත්තම කියනවනම් මම යූ ටියුබ් වලින් ලැබෙන මුදල් සතයක්වත් මගේ වැඩ වලට යොදාගන්නේ නෑ..."

 

 


සටහන - ඉසුරු M_ අතපත්තු