Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

නව කාර්යාල දුම්රිය ගමන් අරඹයි

300Views

රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද පියවර ගත්තා. එය සෑම දිනකම පෙරවරු 7.00 ට වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කරනවා.

මෙසේ ආරම්භ කරන නව දුම්රිය ගමන් වාරය හේතුකොට ගෙන තමන්ට ආරක්ෂිතව රාජකාරිය සඳහා ගමන් කිරීමේ අවස්ථාව හිමිවනු ඇති බව එම දුම්රියේ ගමන් කළ මගීහු සඳහන් කළා.

දුර ගමන් සේවා දුම්රියන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට පැමිණෙන බොහෝ අවස්ථා වන විට මගීන්ගෙන් පිරී ඉතිරී පැවතීම හේතුකොටගෙන තමන් දැඩි අවදානම් තත්ත්වයක ගමන් කළ බව ද දුම්රිය මගීහු සඳහන් කළා.

ආරම්භ කළ නව දුම්රිය ගම්පහ, ගනේමුල්ල, රාගම, හුණුපිටිය, කැලණිය, මරදාන හා කොළඹ කොටුව යන දුම්රිය ස්ථාන වල නැවැත්වීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

වේයන්ගොඩින් ගමන් ආරම්භ කරන විටත් මගී ආසන සියල්ල පිරී පැවතුණා. දුර ගමන් දුම්රියන් හි මගීන් ඉතා අනාරක්ෂිතව ගමන් කරනු දැකිය හැකි වුණා.

රඹුක්කන, පොල්ගහවෙල, සහ අඹේපුස්සෙන් ගමන් ආරම්භ කරන දුම්රියන් මීරිගම පසු කරන විට මඟීන්ගේ පිරීයාම නිසා, වේයන්ගොඩින් සහ ගම්පහින් දුම්රියට ගොඩවෙන අධික මඟී පිරිස එම දුම්රියවලට දරාගත නොහැකි තරම් වැඩිවීම පිලිබදව පසුගිය දින කිහිපය පුරාම මඟී ජනතාවගෙන් එල්ල වූ චෝදනා වලට ප්‍රායෝගිකව ප්‍රතිචාර දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාට විශේෂයෙන් ස්තූති කරන බව වේයන්ගොඩ දුම්රිය මගී සංගමය සදහන් කළා.......

 

 

 

සටහන - ඉසුරු M_ අතපත්තු