Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

ඇඟිල්ලක් තරම් උස ලොව කුඩාම වඳුරා

961Views

Pygmy Marmoset "කියල හඳුන්වන මොවුන් ගේ උස ඇඟිල්ලක් තරම වනවා.මොවුන් ලොව කුඩාම වඳුරු විශේෂයක්.බොහොම අඩු බරකින් යුක්තවන මේ වදුරු විශේෂය ඇමසන් වනාන්තරයට පමණක් ආවේනික වීම විශේෂත්වයක්. මොවුන්ගේ බර ග්‍රෑම්  100 වැනි ඉතාමත් සැහැල්ලු බරක්.

නිතරම මොවුන් රංචු වශයෙන් තමා ජීවත් වෙන්නෙ.මොවුන්ගේ කුඩා සිරුරට සාපේක්ෂව වල්ගය දිගු වන අතර වැඩුනු සතෙක්15- 20 cm පමණ වෙනවා.බොහෝ දුර පැනීමේ හැකියාව මේ වඳුරු විශේශය සතුයි.

බොහෝවිට ගස් බෙන වල ජීවත් වෙන අතර ගස්වල මැලියම් ආහාරයට ගන්නවා.මේ වානර විශේශයට තියෙන අපූරු හැකියාවක් තමයි අංශක 180 ට පමණ ප්‍රමාණයක් හිස කැරකවීමට හැකි වීම.