Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

මේ පාර මේ ආණ්ඩුව පාඩමක් ඉගෙන ගන්නේ වෙන කාගෙන් වත් නෙමෙයි මේ ගුරුවරුන්ගෙන්

750Views

ඊයේ ගුරු උත්ගෝෂණයක් පැවතුනා. මේ ගුරු උත්ගෝෂණය ඉවර වෙලා තමන්ගේ ගම්බිම් බලා ගමන් කරමින් හිටපු ගුරුවරු 43දෙනෙක්, 43 දෙනාම ගුරුවරු නෙමෙයි එතන ඉන්නවා රියදුරෝ එතන ඉන්නවා ගුරුවරුන්ගේ දෙමවුපියෝ කීප දෙනෙක්,කෙසේවෙතත් 44දෙනෙක් පොලීසි හයකින්  අත්අඩංගුවට ගත්ත.  අත්අඩංගුවට අරගෙන අරන්ගියේ වරාය පොලීසියට, දැන් මේගොල්ලො වරාය බාවිතා කරන්නේ නාවික කටයුතු වලට නෙමෙයි. වර්ථමාන ආණ්ඩුව වරාය පොලීසිය භාවිතා කරන්නේ උද්ඝෝෂකයන් ගාල් කරන්න.
ඊට පස්සෙ එතනට නීතීඥවරයකුට යන්න දෙන්නෙ නෑ වරායෙන් අවසර දෙන්නෙ නෑ.

මටත් විපක්ෂ නායක තුමාටත් යන්න දුන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඕනෑම තැනකට යන්න පුලුවන් කම තියනවා.ඒක මෙමෙ ආණ්ඩුව විසින් උල්ලංගනය කරලා තියනවා. අපි දැක්කා එතන නිලධාරීන් අසරණ වෙලා තියනවා, ඇමති පිලිගත්තා අපි තමයි ඒ නියෝගය දුන්න කියලා.

දැන් වෙලාව 1.40යි ඊයේ උදේ පාන්දර කොළබට ආපු ඒ ගුරු මාතාවෝ , එක මාතාවක් ඉන්නවා අවුරුදු එක හමාරක දරුවෙක් ඉන්න. ඒ මවට අද දරුවට කිරි දෙන්න විදියක් නෑ. ඒ සියලු දෙනාම හැඳි වත පිටින් ඉන්නෙ වරාය පොලිසිය ඇතුලේ.

මම ඉල්ලාසිටියා සරත් වීරසේකරගෙන් මේ අයට පොලිස් ඇපයක් දෙන්න කියලා, පොලිස්පතිතුමාට කතා කලා.අද උදේ දේශබන්දු තෙන්නකෝන් මහතාට කතා කලා.අර ගුරුවරුන්ට බල්ලන්ට බලලුන්ට වගේ සලකනේ.

මේ ගුරුවරු මෙහෙම ඇදන් ආපු ඇදුම පිටින් කොහොමද ඉන්නෙ. අපි ගියා උදේ විපක්ෂ නායකතුමාත් එක්ක ඇදුම් බාර දෙන්න අපිට ඇතුලට යන්න දුන්නෙ නෑ.  

මේ පාර මේ ආණ්ඩුව පාඩමක් ඉගෙන ගන්නේ වෙන කාගෙන් වත් නෙමෙයි මේ ගුරුවරුන්ගෙන්.

පොලීසිය අද අන්ඩුවෙ හෙන්චයියෝ බවට පත් වෙලා.