Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

උදාරිගෙන් වෙන් වුණ සංගීත් නැවතත් විවාහ වෙන්න සූදානම්

7462Views

ලංකාවේ  හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සංගීත් සතරසිංහ කියන්නේ. විවිධ වූ කළා නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගත් ඔහු සිනමාපට කිහිපයකටත් සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. සංගීත් කියන්නේ කළා ලෝකයේ ආභාෂය තිබෙන පවුලක කෙනෙක්. ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී සුරංග සතරසිංහගේ පුතා තමයි සංගීත් සතරසිංහ කියන්නේ. ඒ වගේම මෑත කාලයේ සංගීත් හැමෝගේම කතා බහට ලක් වුණේ කට කතාවක් නිසා. ඒ තමයි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සංජානා සමඟ ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා. කොහොම වුණත් සංගීත් සහ සංජානා මේ කතාව ප්‍රතිෂේප කළා. සංගීත් කියන විදියට සංජානා කියන්නේ ඇයගේ යෙහෙලියක්. සංගීත් මුලින්ම විවාහ වෙලා සිටියේ කළා ලෝකයේ සුන්දර රංගන ශිල්පිනියක් වන උදාරි සමඟ. නමුත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ. කාලයක් විවාහ දිවිය ගත කරලා මේ දෙන්නා නීතියෙන් වෙන් වුණා. කොහොම වුණත් උදාරිගෙන් වෙන් වුණ  සංගීත් නැවතත් විවාහ වෙන්න යනවා කියලා ආරංචියි.......

සටහන - ඉසුරු M_ අතපත්තු