Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

පාම් තෙල් කර්මාන්තයට සහන සැලසීම අභිනව මුදල් අමාත්‍යවරයාගේ ප්‍රමුඛතාවය විය යුතුයි

1450Views

රටේ ආර්ථිකය යහපත් වර්ධන මාවතකට යොමු කිරීම සඳහා ප්‍රමුඛතා පදනමක් මත මෙරට ජාතික ආර්ථිකයේ ගැටළු විසඳීමට සහ දේශීය මෙන්ම ගෝලීය ව්‍යාපාර සඳහා ද ශ්‍රී ලංකාව සුදුසු, විශ්වසනීය රාජ්‍යයක් බවට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛ පෙළේ අවශ්‍යතාවක් වුණා.  එහෙත් මෑතකදී ආණ්ඩුව විසින් ගනු ලැබූ බොහෝ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වලින් ව්‍යාපාරිකයන්ගේ අපහසුතාවයන් අඩු කරනවා වෙනුවට ඒවාට තවත් දුෂ්කරතා එකතු වුණු ආකාරයයි දැකගන්න පුළුවන් වුණේ. මෙලෙස ව්‍යාපාරික ප්‍රජාවගේ අපහසුතාවයන්ට හේතු වුණු, පසුගිය කාලයේ ක්‍රියාත්මක වුණු ප්‍රධානතම ප්‍රතිපත්තිමය තීරණයක් වූයේ මෙරට පාම් වගාව තහනම් කිරීම සහ පාම් තෙල් කර්මාන්තය තහනම් කිරීමයි.

ඒ හරහා මෙරට ආර්ථිකයට සහ දේශීය ව්‍යාපාරිකයන්ට සිදු වූ දැවැන්ත දුෂ්කරතාවන් පිළිබඳව මේ වෙද්දී අභිනව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු විය යුතුයි කියා අප විශ්වාස කරනවා. ඒ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පාම් තෙල් කර්මාන්තය බිඳ වැටීම සහ එයින් මෙරට පාම් වගාව ආශ්‍රිතව යැපෙන ගොවි ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට බොහෝ අපහසුතා විඳින්නට සිදු වූ නිසායි. එම ගැටලු ක්‍රම ක්‍රමයයෙන් වර්ධනය වුණේ මේ ආකාරයටයි.
පාම් ඔයිල් සම්බන්ධ අනුවණකම
බලයට පත්වී මාස කිහිපයක් ඇතුළත වත්මන් පරිපාලනය පාම් වගාවන් නැවැත්වීමට තීරණය කළ අතර, එම ක්‍රියාව තුළින් රටේ වේගයෙන් වර්ධනය වන පාම් තෙල් කර්මාන්තය විනාශ වුණා. කඩිමුඩියේ ගත්ත මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයට හේතු වුණේ පාම් තෙල් ලබා ගන්නා ගස් නිසා භූගත ජල සම්පත ක්ෂය වීමක් සිදු වෙනවා කියලා චෝදනා එල්ල වීමයි. එම නිසා එම ප්‍රදේශ වල අනෙකුත් තරඟකාරී ශාක වලට ද තර්ජන එල්ල වුණු බව එම චෝදනා වලින් කියවුණා. නමුත් මේ කාලය වන විට දකුණු පළාතේ පිහිටි බොහෝ පහත රට වැවිලි සමාගම් පාම් වගාවට යොමු වීමෙන් තම වගා භෝග විවිධාංගීකරණය කිරීමට පටන් ගෙන තිබුණා. අස්වැන්න නෙළා පැය කිහිපයක් ඇතුළත පාම් තෙල් වලට අවශ්‍ය බීජ සැකසීමට සිදු වූ නිසා, එම වගාවන් අසල තෙල් නිස්සාරණ කර්මාන්තශාලා කිහිපයක් ද ආරම්භ කර තිබුණා.
මේ තත්ත්වය 1970 දශකයේ මුල් භාගයේ පාම් තෙල් කර්මාන්තයට පිවිසි මැලේසියාව සහ ඉන්දුනීසියාව ලැබූ අත්දැකීම් වලට ද අනුකූලයි. ඒකට හේතුව පාම් ඔයිල් කියන්නේ ලොව පුරා ජනතාවගේ ආහාර අවශ්‍යතා සඳහා යොදාගත්ත සහ කාර්මික අංශයටද යොදා ගන්න පුළුවන් වුණු තෙල් වර්ගයක් නිසායි. ඒ නිසා පාම් තෙල් සඳහා සුරක්ෂිත ගෝලීය වෙළඳපොළක් ලෝකයේ නිර්මාණය වුණා. ඒ අනුව  2020 දී ඉන්දුනීසියාව ගෝලීය පාම් තෙල් වෙළඳපොලෙන් 57% ක් හිමි කරගන්න අතරම මැලේසියාව ද පාම් තෙල් වෙළඳපොලෙන් 27% හිමිකරගෙන සමත් වුණා, එය අදායමක් වශයෙන් සලක බැලීමේදී  ඩොලර් බිලියන 16ත් 18ත් අතර ප්‍රමාණයකි. මේ රටවල් වලින් පාම් තෙල් මිලදී ගන්නා ප්‍රධාන රට වන්නේ අපගේ අසල්වැසි උතුරු ඉන්දියාවයි. මේ අනුව ශ්‍රී ලංකාවේ ද ස්ථාවර පාම් තෙල් කර්මාන්තයක් ආරම්භ කර තිබුණා නම්, අපගේ මායිමට ආසන්නව පිහිටි මෙම යෝධ වෙළඳපොල පහසුවෙන් අපට හසු කර ගන්න හැකියාව තිබුණා.

පාම් තෙල්: බේකරි සහ සබන් කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක්

පාම් වගාව සහ පාම් තෙල් කර්මාන්තය තහනම් කිරීමෙන් පසු පාම් තෙල් ආනයන තහනමක් ද හඳුන්වා දුන්නා. ඒත් පාම් තෙල් කියන්නේ අපේ රටේ බේකරි කර්මාන්තයේ සහ සබන් නිෂ්පාදන කර්මාන්තයන්ට අත්‍යාවශ්‍ය අංගයක් ලෙස භාවිතා කළ අමුද්‍රව්‍යයක්.  එම නිසා ඒවා ආනයන තහනම් කිරීමෙන් මෙම කර්මාන්තවලට ප්‍රතිපත්තිමය වශයෙන් ලොකු කම්පනයක් ඇති කළා. ඒ හේතුවෙන් පාම් වගාවෙන් ජීව්නෝපාය සකසාගත් ජනතාව තුළින් උද්ඝෝෂණ ඇති වුණාම එම ආනයන තහනම ආපසු හැරවීම වෙනුවට, පාම් තෙල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ භාවිතය සඳහා සීමිත ලෙස පාම් තෙල් ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශයට කටයුතු සම්පාදනය කළා.

ඊළඟට ව්‍යාපාරිකයන් අපහසුතාවයට පත්වූ තැන එයයි. ඒ අනුව මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් වේතනයන් ලබන භාණ්ඩාගාරයේ නිළධාරීන්ට අයදුම්පත් සැකසීමට සහ බලපත්‍ර නිකුත් කිරීමට වෙනම කාලයක් කැප කිරීමට සිදු වුණා. මෙය බදු ගෙවන්නන්ගේ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති වීමක් වුණා. එහිදී බේකරි සහ සබන් නිෂ්පාදන කර්මාන්තවල නියුතු ව්‍යාපාරිකයන්ට සිය බලපත්‍ර සඳහා වන අයදුම්පත් පසු විපරම් කිරීම සඳහා අතිරේක කාර්ය මණ්ඩලයක් යෙදවීමට ද සිදුවුණා. මේක අන්තිමට අනවශ්‍ය ලෙස එකතු කරන ලද වියදමක් සහ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා පැනවූ විශාල  බාධාවක් වුණා.

සාමාන්‍යයෙන් රටක මෙවැනි අපහසුතාවයන්ගෙන් හෝ ගනුදෙනු පිරිවැයකින් පිරුණු ආර්ථිකයක් හඳුන්වන්නේ 'Deadweight Loss Raj’ ලෙසයි. එම නිසා  නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛතාවය විය යුත්තේ මෙම ගැටලුකාරී ප්‍රතිපත්තිමය තීරණ අහෝසි කර ජනතාව සවිබල ගැන්වීමට පියවර ගැනීමයි.