Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

ලොවම මවිත කළ 'මැණිකේ මගේ හිතේ' ගයන පුංචි කෙල්ල යොහානි

6139Views

යොහානි කියන්නේ පසුගිය දවසක ලංකාවම මහත් ආන්දෝලනයකට ලක් කල ගායිකාවක්. ඇය විසින් ගායනා කල මැණිකේ මගේ හිතේ ගීතය නිසා ඇය ලංකාවේ විතරක් නොව, වෙනත් රටවලද ආදරය දිනා ගැනීමට සමත් වුණා.

රැප් ගායිකාවක් සහ බහු වාදක ශිල්පිනියක් වන යොහානි සමාජ ජාලා තුල මේ දින වල කතා කරන චරිතයක් බවට පත් වෙලා.

2016 මාර්තු 1 වන දින යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කරමින් ඉදිරියටම පැමිණි ඇය මේ දක්වා, ගීත කිහිපයක්ම නිකුත් කර තිබෙනවා. ඇයගේ සිංහල ගීත මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් නරඹා ඇති අතර, ඇගේ සිංහල පොප් ගීත වන මාෂප් මිලියන 10 ක පමණ ප්‍රමාණයක් නරඹා තිබෙනවා.

මැණිකේ මගේ හිතේ ගීතය නැරඹුම් වාර මේ වන විට මිලියන 50 ඉක්මවා ඇති අතර, මේ වන විට එය ඉන්දියාවේ මෙන්ම මාලදිවයිනේ ද ජනප්‍රිය වී අවසන්. ඇයට මේ වන විට යූ ටියූබ් හි ග්‍රාහකයින් මිලියනයක සීමාව ඉක්මවා යාමට හැකි වී තිබෙනවා.

ඇයගේ යූ ටියුබ් නාලිකාව පසුගිය දින 28 තුළ සියයට 64.2 ක විශාල ප්‍රේක්‍ෂකයන් ප්‍රමාණයක්  ජනනය කර ඇති අතර, එයින් සියයට 54 ක් ඉන්දියාවෙන් පැමිණි ප්‍රේක්ෂකයන් ය. එමෙන්ම ගායිකාවක් වශයෙන් මිලියනයේ සීමාව ඉක්මවූ ප්‍රථම ශ්‍රී ලාංකික කලාකරුවා බවටද ඇය පත් වුණා.


" මම සාර්ථකත්වය ගැන ඇත්තටම සැලකිලිමත් වන කෙනෙක් නෙවේ. මට ඕන හැම උදෑසනකම අවදි වෙලා මට දැනෙන ඕනෑම දෙයක් කරන්න. දැන් මේ ජීවන රටාව කොයි විදියට වෙනස් වෙයිද කියන්න මම දන්නේ නැහැ......" මේ යොහානිගේ අදහසයි.

අපි හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න යොහානිගේ ඉදිරි ගමනට අපෙන් සුභ පැතුම්.....!

 

සටහන - ඉසුරු M_ අතපත්තු