Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් සදහා මිනී පෙට්ටියක් නොමිලේ

841Views

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් බහාලීම සඳහා මිනී පෙට්ටි නිෂ්පාදනය කිරීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව කටයුතු ආරම්භ කර තිබේ.අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයන් මිය ගිය විට එම මිනී පෙට්ටි නොමිලේ ලබාදීමට ද තීරණය වී ඇත.

සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ වෛරසයෙන් මිය යන අඩු ආදායම් ලාභී පවුල්වල සාමාජිකයන් දැඩි ලෙස අසරණ වන බවත් එවන් අවස්ථාවල මිනීපෙට්ටි ලබා ගැනීමට යාමේ දී ඔවුන් තවත් පීඩාවට පත් වන බවත්ය.

ඒ තත්ත්වය මත වතුපිටිවල රෝහලේ සියලුම කොරෝනා මරණ සඳහා නොමිලේ ආදාහන කටයුතු සිදු කිරිමටද තීරණය කරයි ඇති බව ඔහු පැවසීය.මිනි පෙට්ටි සඳහා අවශ්‍ය ලෑලි පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන බවත් සභාවේ සේවක මහතුන් විසින් මිනී පෙට්ටි නිෂ්පාදනය කරන බවත් සභාපතිවරයා තවදුරටත් සදහන් කර අත.