Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

මගේ දක්ෂතාවය ගැන අවබෝධයක් මට තියෙනවා.... නිරෝෂා විරාජිණී 

2340Views


අපේ කළා ලෝකයේ ඉහළම මතක සටහන් රැසක් එකතු කළ ගායන චරිතයක් තමයි  නිරෝෂා විරාජිණී කියන්නේ. වසර 30 කට අධික කාලයක් කළා ක්‍ෂේත්‍රයේ රැඳෙමින් සම්මානනීය ගායිකාවක් වුණ ඇය මේ වන විට හැමෝම ආදරේ කරන චරිතයක් බවට පත්වෙලා හමාරයි.

"මම දන්නවා ගොඩක් මිනිස්සු මාව ගස් වල නග්ගන්න හදනවා කියලා. හැබැයි මම කවදාවත් එහෙම ගස් නගින කෙනෙක් නෙවෙයි. මොකද මට මගේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මගේ දක්ෂතාවය පිලිබඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මාව අන්දන්න ලේසි වෙන්නේ නෑ....... "

නිරෝෂා කියන්නේ ලංකාවේ දේශපාන තත්වය පිලිබඳ කතා කරන චරිතයක් නම් නෙවෙයි. එයට හේතුව විදියට ඇය කියන්නේ මේ වගේ කතාවක්....

" ඇත්තටම කියනව නම් මම දේශපාලනේ ගැන කතා කරන්න කැමතිම නෑ. ඒ කාලේ ඉඳලම මම මේ රටේ දේශපාලනය ගැන කතා කරලා නෑ. දේශපාලනයටත් වැඩිය අපේ රටේ මිනිස්සු ගැන, ආකල්ප ගැන වැරැද්දක් විදියටයි මම මේක දකින්නේ. හෙට බුදුරජානන් වහන්සේ පහල වුණත් ජේසුස් වහන්සේ පහල වුණත් මේ මිනිස්සු වෙනස් වෙන්නේ නෑ. මේ ආකල්ප වලින් ප්‍රයෝජන ගන්නේ දේශපාලකයෝ..."

නිරෝෂාගේ ඉදිරි ගමනට අපෙන් සුභ පැතුම්.....!


සටහන - ඉසුරු M_ අතපත්තු