Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

රටම ආදරේ කරන සුරූපී අංජලි දැන් ආදරවන්තියක්

2097Views

ශ්‍රී  ලංකාවේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි කේ. සුජීවා කියන්නේ. කේ. සුජීවාගේ ආදරණීය දියණියන් දෙදෙනා ගැන නිතරම සමාජ මාධ්‍ය තුල  කතා බහට ලක්වෙනවා. ඉතින් එයට ඔවුන් නිතරම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරන ඡායාරූපත් එක් හේතුවක්. 

ඉතින්  සුජීවාගේ වැඩිමහල් දියණිය තමයි අංජලි රාජ්කුමාර් කියලා කියන්නේ. ඇයත් අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ගායිකාවක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වන්න පුළුවන්. ඉතින් ඕනෑම ගැහැණු ළමයෙක් පුංචි කාලේ ඉදලම දකින හීනයක් තමයි තමන්ගේ අම්ම වගේ වෙන එක. ඉතින් අංජලීටත් තිබුන හීනයක් තමයි අම්මා වගේ වෙන එක කියලයි ඇයනම් කියන්නේ. පුංචි කාලේ නම් ඇයගේ හිතේ තිබුනේ නැහැලු ගයිකාවක් වෙන්න ඕනේ කියලා.

ඉතින් ඇය මේ වෙද්දී පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනක් ද ඉදිරිපත් කරනවා. අංජලි කියලා කියන්නේ බොහොම සුන්දර සුරූපී තරුණියක් කියලා අමුතුවෙන් කියන්න ඕන  නැහැනේ. 

ඉතින් ඒ නිසාම ඇයට මේ වෙද්දී ආදර යෝජනා හතර වටෙන්ම ගලාගෙන එනවා කියල තමයි ඇයනම් කියන්නේ. හැබැයි ඉතින් ගොඩක් ආදර යෝජනා ආවත් ඇය ඒවා ගොඩක් වෙලවට දැක්කේ නැහැ වගේ ඉන්නවලු.  ඒ වගේම ඇයට දැන් ආදරේ කරන්න පෙම්වතෙක් ඉන්නවලු.......
 

සටහන - ඉසුරු M_ අතපත්තු