Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

" ඕනම කෙනෙක්ගේ ආදර සම්බන්ධයක් ඇති වෙනවා නැති වෙනවා....." දිලිනි කියන ආදර කතාව

1819Views

හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි දිලිනි ලක්මාලි තිරිමාන්න කියන්නේ. කළා ලොවට ආව මුල් කාලයේ ගැමි චරිත වලට පමණක් සීමා වෙලා හිටිය දිලිනි මේ වෙනකොට විවිධ චරිත හරහා  රංගනයේ යෙදෙනවා. 

දිලිනි මේ වන විට රංගනයට පිවිසිලා අවුරුදු නවයක් පමණ වෙනවා. කොච්චර ජනප්‍රිය වුණත් දිලිනි තවමත් රංගන කටයුතු වලට එන්නේ ඇයගේ ගම වන කොස්ගම ඉඳලා කියලයි දිනිති කියන්නේ.

දිලිනි කියන්නේ සාමාන්‍ය පවුලක හැදී වැඩුණු  තරුණියක්. ඇය ඇයගේ පවුලේ විස්තර ගැන කියන්නේ මේ වගේ කතාවක්...... 

" මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි. තාත්තා පෞද්ගලික අංශයේ රියැදුරකු විදියට  සේවය කරනවා. මගේ අම්මා රැකියාවක් කරන්නේ නෑ. මල්ලි ඩුබායි වල කෝකියෙක් විදියට  සේවය කරනවා....."

දිලිනි ගොඩක් සුන්දර තරුණියක්.  ඇය ආදරේ ගැන කියන්නේ මේ වගේ කතාවක්......

" මට ආදර සම්බන්ධතා තිබිලා තියෙනවා. හැබැයි අනන්ත දුක් විඳගෙන ආදරේ කරලා නෑ. නොගැලපීම් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න බෑ. කාලයත් එක්ක ගොඩක් දේවල් තේරෙනවා. ඕනෑම කෙනෙක්ගේ ආදර සම්බන්ධයක් ඇති වෙනවා නැති වෙනවා. ජීවිතේ හැටි එහෙමනේ. අත්දැකීම් එක්ක අපි පරිණත වෙනවා. එතකොට තමයි සාර්ථක වෙන්න පහසු......"

 

සටහන - ඉසුරු M_ අතපත්තු