Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

" මගේ ගෙදර මට උදව් කරපු එකම කෙනා අක්කගේ සැමියා...." කේ. සුජීවාගේ සම්පූර්ණ කතාව

2028Views


හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න තරුවක් තමයි කේ.සුජීවා කියන්නේ. කරුණාරත්නම් සුජීවා තමයි ඇගේ සම්පුර්ණ නම. ඇය ඉපදෙන්නේ මඩකලපුවේ. 5 වසරෙන් පස්සේ  මහනුවර උසස් බාලිකවට තමයි ඇය පාසල් යන්නේ. සංගීත ක්ෂේත්‍රයේ යන්න පුළුවන් ඉහලටම ගිහින් පාස් කරන්න පුළුවන් විභාග රැසක් පාස් කරමින් සංගීතය උපරිමෙන්ම හදාරපු කෙනෙක් තමයි සුජීවා කියන්නේ.

සංගීතය තුල ඇයට ලැබෙන අවස්ථා අඩුයි කියලා තමයි ඇය කියන්නේ.  මඩකලපුවේ ඉද්දි ඒ කාලේ තිබුණු යුද්දේ නිසා ජිවිතේ බේරගන්න ට්‍රේනින් වලටත් ගිහින් තියෙනවාලු. වෙඩි සද්ද මැද තමයි ජිවිතේ ගෙවලා තියෙන්නේ.

ඇය නුවරට ආවේ ඊට පස්සේ. පාසල් යන කාලේ ඇය ටෙනිස් ක්‍රීඩා කරලා තියෙනවා. එයින් ඇයට  රන්පදක්කම් 16ක් හිමි වෙලත් තියෙනවා.

ඇය වැඩි දුරටත් කියන්නේ මේ වගේ කතාවක්....

" මගේ අක්කත් සින්දු කිව්වා. එයාගේ සැමියත් ගායකයෙක්. ඒ වුණාට අක්කා කවදාවත් මට සින්දු කියන්න ඉඩක් දුන්නේ නැහැ. එයා කැමති නැහැ මම සින්දු කියනවට. එයා හැමවෙලේම බැලුවේ මාව ගෙදර තියන්න. එත් එයාගේ සැමියා තමයි මට උදව් කලේ ගායනයට එන්න. 

පස්සේ මට ෂෝ වලට කතා කළා. මට ෆෝන් එකක් තිබුනේ නැහැ.  අක්කට තමා කතා කරලා කියන්නේ. එයා මට කියන්නේ නැහැ.  එහෙම කතා කලා කියල. එයාගේ සැමියා තමා මට කියන්නේ මෙන්න ඔයාට වැඩක් ආවා මේ නම්බර් එකට කෝල් එකක් දීලා බලන්න කියලා. එයා මට ගොඩක් උදව් කළා....."

" මට මගේ ගෙදර මට උදව් කරපු එකම කෙනා අක්කගේ සැමියා. එයා මේ වෙද්දී ජිවතුන් අතර නැහැ. පස්සේ මාත් විවහා වුණා. ඔහොම ජිවිතේ ගෙවුණා. පස්සේ මම අංජලි එක්ක තනි වුණා. එයා එක්ක තනි වෙද්දී අන්ජලිට වයස අවුරුදු 2 යි. මට අවුරුදු 22 යි. 

පස්සේ මම කොළඹ ආවා. ඇවිල්ල ටෙනිස් ක්‍රීඩා කළා. එක ටීම් එකකට. පස්සේ මම ඉගෙන ගත්ත දේවල් වලින් ජොබ් එකක් කරන්න පටන් ගත්තා. සින්දු කියන්න පටන් ගද්දි මට වාහනයක් තිබුණා. මට ගෙයක් තිබුණා. මම රටවල් 14 වගේ ගිහින් තියෙනවා. අද මට සින්දු කියන්න බැරිවුණොත් මට රෙදි මහන්න පුළුවන්. මට සැලෝන් එකක් කරන්න පුළුවන්. මට හොදට English පුළුවන්. ඒක නිසා මට ක්ලාස් එකක් කරන්නත් පුළුවන්.

අද මම මේ හැමදෙයින්ම පරිණතයි.මම මේ වෙද්දී දරුවෝ දෙන්නගේ අම්මයි තාත්තයි දෙන්නම වෙලා ඔවුන්ට යුතුකම් ඉටුකරලා තිබෙනවා......"


සටහන - ඉසුරු M_ අතපත්තු