Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

විශිෂ්ටයකුගේ සමුගැනීම

233Views

ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ බිහිඋණු බිහිසුනුම වේග පන්දු යවන්නා ලෙස මුලු ලෝකයම අදරයෙන් වැලද ගත්තේ ඔහුගේ පන්දු යැවීමේ හැඩය පමනක් නොව ඔහුගේ හැකියව නිසාය,,, උනන්දුව ,උත්සාය ,කැපවීම මත ඔහු ක්‍රිකට් පිටිය තුළ සදා නොමැකෙන සටහන් තබා ලක් මාතාව ලෝකයේම ඉහලට ඔසවා තැබුවේය

රත්ගම වැල්ලෙන් පිටියට පැමිණ ලොව පුරා නම් දරන ලද  පිතිකරුවන් දන ගැස්වූ ,ලසිත් මාලිංග  ලීග් පිටියේද වීරයෙක් බවට පත් වීමට ඔහුට වැඩි කාලයක් ගත උනේ නැත

සුපර් ඕවර්  උවත් ..... ඩෙත් ඕවර් උනත් ........හැට්‍රික් නම් ඒත් නතින් ....... ඕන වෙලාවක යෝකර් පන්දුවෙන් පිතිකරුවකු දවා ගන්නේ පිතිකරුවන් ඔහුගේ ග්‍රහනයට අරගනිමිනි,ක්‍රිකට් වාර්තා පොත්වල මාලින්ගගේ දස්කම් බොහෝ ලියවී ඇත, ඉන් කිහිපයක් නම්

    *  එක පන්දු වාරයක එකපිට කඩුලු 4  දවාගත් අවස්ථා 2 k
    
   *  එක් පන්දු වාරයක පිටපිට කඩුලු 3 දවාගත් අවස්ථා 3

   *  IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා

   *  ජාත්‍යන්තර 20/20 පිටියේ කඩුලු 100 ලබාගත් එකම ක්‍රීඩකයා

   මීට අමතරව තවත් වාර්තා රැසකට ඔහු හිමිකම් කියයි,,
ඇන්ජිත් එක්ක කරපු මෙල්බන් මිරකල් එක අප සිත්වල සැමදා පවතින අතර අන්තිමට ඇවිත් 6 පාරක් දෙකක් එලියට යවපු ලසිත් මාලිංග පන්දුවෙන් මෙන්ම පිතිකරුවකු ලෙසද ඔහුගේ හැකියාන් පෙන්වා ඇත ,

පිතිකරුවන් හට පීඩනය ලබා දෙමින් කඩුලු දවා ගනිමින් පරදින්න ගිය තරග ජය මාවතට ගෙනඒමට ඔහුට හැකිවිය,,,

ක්‍රීඩකයෙක් ලෙස  ඔහු ඔහුගේ උපරිමය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලබාදෙන මොහොතක ඔහු ODI හා ටෙස්ට් තරග වලට සමු දුන්නේ ක්‍රීකට් පිලිබදව යම් කනස්සල්ලෙන් බව බොහෝ ක්‍රිකට් විචාරකයන් පවසයි ,

කෙසේ නමුත් ඔහුගේ අක්ක්‍රමනශීලී පන්දු යැවීම වඩා වැදගත් වන 20/20 තරග රටාවේ මෙවර  20/20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු 20/20 රටවටද සමුදීමට තීරනය කර තිබුනත්
වසර ගනනාවක ඔහු ලද අද්දැකීම් තම රට වෙනුවෙන්   ලබාදී 20/20 ලෝක කුසලාන ය තම මව්  බිමට රැගෙන ඒම ඔහුගේ අදිටන විය,

නමුත්  ශ්‍රී ලංකා ක්‍රීකට් පලක මන්ඩලයෙන් ඔහුට ලැබුණු කුඩම්මාගේ සැලකිල්ල නිසා ඔහුට තරග අහිමි වීම සහ ඔහුගේ ලෝක කුසලාන සිහිනය බොඳ විය,
නවක ක්‍රීඩකයන්ට අද්දැකීම්  ලැබීමට පරිනත ක්‍රීඩකයන් කන්ඩායමේ සිටිය යුතු උවත්   මොකක්දෝ අවසනාවකට ක්‍රිකට් පාලකයින්ට මෙය නොතේරීම පුදුමය දනවන කරුනකි,
තවත් බොහෝ ජයග්‍රහණය ශ්‍රී ලංකා නම ඉදිරියේ ලිවීමට තිබුනු අවස්ථා අහිමි උවත්   බලදාරීන්ගේ නොසැලකිල්ල නිසා යෝකර් king ක්‍රීඩාවට සමු දී ඇත, වසර ගනනාවක් පුරාවට සුවහසක් ක්‍රීඩා ලෝලීන්  පිනවූ ඔබට ජාතියේ ප්‍රනාමය,,,,,,,,,,,,,,

HAPPY RETIREMENT YOKER KING 99


සටහන :- සඳරුවන් බටගොයාගේ