Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

ලෝක කුසලානයට නව නායකයෙක්

2136Views

වර්තමානයේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට බලාපොරොත්තුව ක් එකතු කරමින් චාමික කියන්නේ ඇගේම ක්‍රීඩාව තියෙන කෙනෙක්. කව්රුත් දන්න බැඩ්මින්ටන් ශූර නදීකගේ බාල සහෝදරයා. දැන් කව්රුත් දන්නේ පට්ට ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට උනාට ක්‍රිකට් ගහපු කව්රුත් චාමිකව දන්නේ සුපිරි පිතිකරුවෙක් විදියට! එතනට හැදෙන්න මෙයා කොච්චර කැපකිරීමක් කරන්න ඇතිද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑහැ.
 
ක්‍රිකට් කියන්නෙ පට්ටම මෙන්ටල් ගේම් එකක්. ඉස්සර අරවින්ද සනත් මහේල සංගා පිටිය මැදට එද්දී අරන් එන ඇටිටියුඩ් එක දැක්කමත් ප්‍රතිවාදීන් මානසිකව වැටෙන තත්ත්වයක් තිබ්බා. අද ඉන්න ප්ලේයර්ස්ලාගෙ ඒක පට්ට විදියට අඩුවෙලා තියෙද්දී මෙයාගේ ගේම් එකට තියෙන ඇටිටියුඩ් එක මරු .පිතිකරුවකුගේ භූමිකාවට අමතරව පන්දුවෙන්ද දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයෙකි.
      හයක් ගැහුවත් එයා ඒක ඇගෙන්ම ගහනව කියන එක එයාගේ රියැක්ශන් බැලුවම තෙරේනව. ඒක සමහරවිට ලේ වලින්ම එන දෙයක්. ඕවරයක් ඉල්ලලා දාන්න ලගින් යන බෝලයක් කොහොම හරි නවත්තන්න මෙයාට තියෙන පැෂන් එක සුපර් .

ඒ වගේම  මෙයා මෙයාගේ දක්ෂතා වැඩිකරගන්න ලොකු මහන්සියක් වෙන කෙනෙක්.පිටිය ඇතුලත වගේම එලියෙදීත්. ලංකාවේ බිහිවෙච්ච ජේෂ්ඨම ක්‍රීඩකයෙක් වුණු සිදත් වෙත්තමුණි කියන්නේ අන්තිම දශකයේ එයා ගාවට දේවල් ඉගෙන ගන්න ආපු එකම යොවුන් ක්‍රීඩකයා මෙයා කියල. මාන්නයෙන් උදම් වෙච්ච තමන් ආවේ කොහෙන්ද කියල මතක නැති මොඩල්ස්ලා වෙච්ච ක්‍රීඩකයෝ ඉන්න රටක චාමික කියන්නේ වටින සම්පතක්!!

අන්තිමට කියන්න තියෙන්නේ ලෝක කුසලානයක් උස්සන්න හම්බෙන්නේ ගේම් එකට පට්ට ආදරයක් අවංක කැපවීමක් තියෙන නායකයෙක්ට විතරයි. ඒක ඉතිහාසයේ ඉදන් අරන් බැලුවොත් පෙනේවි.

 බහුතරය  හිතන විදියට අද ලංකාවේ ඉන්න ඒකට සුදුසුම කෙනා චාමික. දවසක ලංකාව මෙයාගේ කැප්ටන්සිය යටතේ ලෝක කුසලානයක් උස්සනවමයි! කොච්චර කැපිලි කෙටිලි ආවත් මෙයා එතනට යන පෙරමග දැනටමත් පැහැදිලිය ...........

 සටහන:- සඳරුවන් බටගොයාගේ