Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයම තමා වෙත නතු කරගත් බළලා - ඇමරිකන් ධජයෙන් දිවි බේරා ගනී (Video)

2408Views

එක්සත් ජනපදයේ මියාමිහි හාර්ඩ් රොක් ක්‍රීඩාංගණයේදී අයාලේ යන බළලෙකු ඉහළ තට්ටුවේ සිට එල්ලී වැටෙන අයුරු වීඩියෝ වී ඇති අයුරු මේ වන විට සමාජ මධ්‍යයේ පැතිරෙමින් ඇත. වාසනාවකට මෙන් විද්‍යාලීය පාපන්දු ක්‍රීඩාවක් නරඹමින් සිටි පුද්ගලයින් විසින් මෙම බළලා බේරා ගන්නා ලදී.

කළු හා සුදු පැහැති මෙම බළලා ජීවිතය බේරා ගැනීමට දරන සටන නරඹන්නන්ගේ අවධානය පාපන්දු ක්‍රීඩා පිටියෙන් එක හෙලා  ඉවතට ගැනීමට හැකි විය.  නරඹන්නන් විසින් මෙසේ ක්‍රීඩාංගණයේදී ඉහල කෙළවරේ දගලමින් වුන් බළලා ඇමරිකානු ධජය භාවිතා කරගනිමින් දිවි බේරා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වී තිබේ