වසන්ත දුග්ගන්නාරාළ කියන්නේ ශ්රී ලංකාවේ කළා ශ්රේෂ්ත්රයේ ඉහළ නමක් දිනා ගෙන ඉන්න චරිතයක්. ගායනය, වාදනය , රංගනය , නිවේදනය වගේම තවත් බොහෝ අංශ වලින් දස්කම් දක්වන ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙක්.
ඔහුගේ අතින් ලියවුණු අලුත්ම ගීතය මේ දින වල රටේ බොහොමයක් දෙනාගේ ආදරය දිනා ගෙන අවසන්.
ඔහු මෙතෙක් රචනා කල ගීත අතරින් මෙම ගීතය විශේෂ තැනක් ගන්නේ, මෙය ගායනා කරන්නේ ඔහුගේ පුත්රයා වීමයි.
" මල් මල් සාරිය " ගීතය මේ වන විට බොහෝ දෙනාගේ කතා බහට වගේම ආකර්ෂණයට ලක් වී තිබෙනවා.
මෙය ගායනා කරන්නේ අපි හැමෝම ආදරේ කරන වසන්ත දුග්ගන්නාරාළගේ පුත්රයායි. ඔහු නමින් සඳලින්දු දුග්ගන්නාරාළ යි. තම පියා මේ ගීතය ලියා අවසන් වන තුරු මෙය තමා වෙනුවෙන් රචනා වූවක් බව ඔහු දැන සිටියේ නෑ කියලයි අපිට ආරංචි වුණේ.
සඳළිදු කියන්නේ ලංකාවේ සංගීත ශ්රේෂ්ත්රයේ නමක් දිනා ගත්ත කෙනෙක්.තම පියා වගේම නිහතමානී චරිතයක් කීවොත් නිවැරැදියි. නිවේදන කටයුතු ද මොහු ඉතා රසවත් ලෙස කරන කෙනෙකි.
" මල් මල් සාරිය " ගීතයේ තනු නිර්මාණය සහන් රන්වල අතින් සිදු කර තිබෙනවා. රචනය, ගායනය, තනුව සහ රූප රචනාවෙන්ද ඉතා ඉහල තලයක තිබෙන මෙම ගීතය අසන්නන්ට දැන් රසවිඳීමට පුලුවන්.
මෙවන් නිර්මාණ තව තවත් සිදු කරන්නට හැකිවේවා කියා නෙත් ගොසිප් අපි ප්රාර්ථනා කරනවා.......
සටහන - ඉසුරු M_ අතපත්තු