Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

අලුත් වුණ අපේ කාලයේ ගායකයා 

3979Views

සේනානායක වේරලියද්ද කියන්නේ කහටගස්දෙගිලිය ප්‍රදේශයේ උපන් කෙනෙකි. රට වෙද මහත්තයා නැතහොත් සේනානායකගේ පියා ගමේ ප්‍රසිද්ධ අයෙකු වුණේ ගමේ බොහෝ දෙනෙකුට වෙදකම් කළ නිසා. තවද ඔහු ගායනයට උපන් හැකියාවක් තිබුණ කෙනෙක්. 

බෙරවාදනයට උපන් හැකියාවක් දක්වන වේරලියද්ද මහතා එම හැකියාව ඔහු ගමේ අයටද ⁣කියා දී පොඩ් ළමයින්ට පුරුදු කළ බවද අපිට ආරංචි වුණා. ඒ සමඟම කලායතනයක් බිහි වු බවත් එය ‘සරසවි’ කලායතනය නමින් ප්‍රසිද්ධ වු බවත් කාලයත් සමඟ පියා “නටන වෙද මහත්තයා" ලෙස ප්‍රසිද්ධ වු බවත් අපිට දැනගන්නට ලැබුණා.

සේනානායක මහතාගේ පාසල් කාලය පිලිබඳ ඔහු කියන්නේ මේ වගේ කතාවක්.....

" ඇත්තටම මම ඉගෙන ගත්තේ අනුරාධපුර දුටුවැව මහ විද්‍යාලයෙන්. පාසල් යන්න කලින්  ඉඳලම මට හොඳට බෙර වාදනය කරන්න පුළුවන්. බඩගාන කාලෙත් බෙර ගහපු එකෙක් මම. පාසල් කාලයේ මම සංගීත අංශයෙන් ගොඩක් ප්‍රසිද්ධයි. කාලයක් යද්දි අපේ ගෙදරට සර්පිනාවක් ගෙනාවා. අයියලා මට ඒක දුන්නේ නැති වෙද්දි හැමෝම නිදාගත්තාට පස්සේ මම ඒකත් වාදනය කළා. මම මාර කැප කිරිමක් කලා. එදා හැමෝම වගේ මාව වර්ණනා කළා. කාලයත් එක්ක අපේ කලායතනය සංස්කෘතික කලායතනයක් බවට පත් වුණා. ඉතිත් හැමදේම එක්ක තරඟ වලටද මම සම්බන්ධ වුණා. ඒවාගෙන් ජයග්‍රාහණ කළා. කියන්නම ඕනි මගේ තාත්තාට හිටිවන කවි කියන්න පුළුවන්. ඉතින් ඒ හැකියාවද මට ලැබිලා තියෙනවා....." 

ජයග්‍රාහණ රැසක් නිසාම සේනානායක මහතාට දක්ෂ කලාකරුවෙකු වන "ශ්‍රි ජයනා" ගුරුතුමා හා සම්බන්ධ වෙන්න ඉඩකඩ ලැබුණා. සම්මුඛ පරික්ෂණ සියල්ලන්ගෙන්ම සමත්වු මොහුට කොළඹට එන්න මඟ සැලසුණා. කාලයත් එක්ක ඔහු කලායතනයෙන් ඉවත් වුණා. පසුව නැවතත් ගමෙන් කොළඹට ආ ඔහු 1983 රාජ්‍ය නැටුම් හා වාදක කණ්ඩායමට සම්බන්ධ වුණා. එහිදි ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් ලෙස ඔහු තේරි පත් ව තිබුණා. 

 සේනානායක මහතාගේ⁣ගේ පියා ගැන ඔහු කියන්නේ මේ වගේ කතාවක්...... 

" මගේ තාත්තා වෙද මහත්තයෙක් වුණේ අත්තාගේ ආභාෂය එක්ක. අනික මගේ තාත්තා මිල්ටරි ආමි එකට සම්බන්ධ කෙනෙක්. හැබැයි කාලයත් එක්ක ඔහු ආමි එකෙන් අයින් වුණා. පස්සේ ඔහු අත්තාගේ ආභාෂය එක්ක ලැබුණ හැකියාවෙන් ඔහුගේ කටයුතු ආරම්භ කළා......" 

ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා යි නෙත් ගොසිප් අපි ප්‍රාර්ථනා කරන්නෙමු….


සටහන - ඉසුරු M_ අතපත්තු