Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

සරසවි සිසුන් හිටිහැටියේම යකා නටයි

537Views

සිය කොවිඩ් මර්දන එන්නත ලෙස මොඩර්නා එන්නත ලබා ගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබුණා.

ඒ, අදාළ එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබා නොදෙන බවට යුද හමුදා රෝහලේ නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමගය.

නාරාහේන්පිට යුද හමුදා රෝහලට අද පෙරවරුවේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විශාල වශයෙන් පැමිණ තිබුණා.

කෙසේ වෙතත් අදාල එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබා නොදෙන බවට ප්‍රකාශ වීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

එහි පැමිණි සිසුන් පිරිසක් ප්‍රකාශ කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලිපි ශිර්ෂය යටතේ නිකුත් කළ දැනුම් දීමක් අනුව තමන් එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි බවයි.

එම ලිපියේ සටහන්ව ඇත්තේ අද සහ හෙට (26) යන දෙදින තුළ පස්වරු 4 දක්වා යුද හමුදා රෝහලේදී මොඩර්නා එන්නත ලබාගත හැකි බවයි.

ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් එන්නත් ලබා ගත හැකි බවද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරියගේ නම සටහන් කරමින් නිකුත් කර තිබුණු ලිපියේ සටහන් කර තිබුණා.

එහි පැමිණ සිටි සිසුන් ප්‍රශ්න කළේ ඊයේ මොඩර්නා එන්නත ලබා දී තිබුණේ කුමණ පදනමක් යටතේ ද යන්නයි.

එහිදී යුද හමුදා නිලධාරියෙක් සඳහන් කළේ ගුවන් ගමන් බලපත්‍ර තිබූ දරුවන්ට එලෙස එන්නත ලබා දුන් බවයි.......