Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

නාරාහේන්පිට බෝම්බය හැදුවේ අවුරුදු  විසි දෙකක කොල්ලෙක්

599Views

 

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී හමු වූ බෝම්බය සකස් කළැයි කියන පුද්ගලයකු ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ද රෝහල් වැසිකිලියේ බෝම්බය තැබූ සැකකරු සේවය කළ ඉදිකිරීම් සමාගමේම සේවය කළ කෙනෙකි.

පුනුර්තාපනය වූ කොටි සාමාජිකයකුගේ සොහොයුරකු වන එම සැකකරු රදවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී බෝම්බය ඇටවූයේ තමා නොවන බවත්, තමා සමඟ සේවය කළ වෙනත් මිතුරෙක් විසින් බවත් හෙළිකර ඇත. ඒ අනුව පොලිස් කණ්ඩායමක් ත්‍රිකුණාමලයට ගොස් උප්පුවේලි ප්‍රදේශයෙදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

22 හැවිරිදි වියේ පසු වන මෙම සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුවන අතර ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.......