Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

රට නෙල්ලි ගැන පුදුම හිතෙන කතාවක්

662Views

ප්‍රතිකා‍ර සොයාගෙන නැති රෝගවලට පවා ප්‍රතිචාර දක්වන රට නෙල්ලි , මිනිස් වර්ගයා රැකගන්නට දෙව්ලොවින් එවූ ශාකයක් වැනියයි පර්යේෂකයන් පිරිසක් කියා සිටිනවා.

Phyllanthaceae පවුලට අයත් රට ,නෙල්ලි, ලා කහ පාටැති හැඩකාර ගෙඩි පොකුරුවලින් ගස වැසීයන තරමට පලබර වන ශාකයක්.
ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, අමෙරිකාව, බ්‍රසීලය මැලේසියාව ජැමෙයිකාව පිලිපීනය, වැනි රටවල් ගණනාවක දක්නට ලැබෙන්නක්.

බිලිං නෙල්ලි, ඇඹුල් නෙල්ලි, මල් නෙල්ලි, star berry, goose berry, sour cherry ආදි නම් ගණනාවකින්, රට රටවල හඳුන්වනු ලබනවා.
විටමින් C බහුල, යකඩ, කැල්සියම් පොස්පරස් ප්‍රෝටීන් ඇතුළු ඛනිජ ලවණ පෝෂක ගණනාවකින් යුතු, ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි ශාකයක් . ඵලයෙන්, 91 .7%, ක් ම ඖෂධිය ජලයෙන් පිරී පවතිනවා.

පලතුරක් සේත්, ගෙඩි හා කොළ වෑංජන සේත් ආහාරයට ගන්නවා. රසකාරකයක් සේ ද යොදා ගන්නා අතර චට්නි අච්චාරු ජෑම් ආදි විශේෂ ආහාර ලෙසද යුෂ බීම සිරප් වශයෙන් ද සකසාගනු ලබනවා.
රට නෙල්ලි ශාකය රෝග සුවයට යොදා ගන්නා අතර, විෂ නාශකයක්, වේදනා නාශකයක් ශරීර ශෝධක‍යක්, වියපත් පෙනුම පමා කරන්නක් සේ, එය ක්‍රියාත්මකවනවා .

ගෙඩි, කොළ, මුල්, ඇට, පොතු ආදි සියලු කොටස් ඖෂධ පිණිස යොදා ගන්නවා .
දියවැ ඩියාව, හර්දයාබාධ, පිළිකා, සන්ධි ප්‍රදාහ, කල්පවතින කැස්ස, ඇදුම වැනි ශ්වසන රෝග, තද, කැසීම් සහිත චර්ම රෝග, වණ තුවාල , ගොනෝරියාව ආදිය සුවපත් කිරීමට දායකත්වය ලබා දෙනවා.

රට නෙල්ලි ගෙඩි සමට, බෙහෙවින් හිතකරයි.සමේ ශ්වේද ග්‍රන්ථි විවර කර සමට පහසුවෙන් හුස්මගන්නට ඉඩ හැර සම පිරිසිදු කරලනවා. එමගින් සිරුර අභ්‍යන්තරය ද පිරිසිදුවනවා.

ඉන් සමේ රැලි වැටීම් ද වැලකී වයසක පෙනුම ඇතිවීමේ කාලය ඈතට තල්ලුකර හැරෙනවා .
සමේ ඇතිවන දද හා ඉන් ඇතිවන තද කැසීම් වලට එරෙහිව ගෙඩි මෙන්ම කොළද ප්‍රතිචාර දක්වනවා.
කොළ යුෂ, ශ්ලේෂ්ම පටලවල ,ශ්‍රාවය පවත්වා ගැන්ම තුලින් ශ්වසන පද්ධතිය ,පිරිසිදුව තබා ගැනීමට උපකාරිවනවා.

නෙල්ලි ඇට ආහාර මාර්ගයේ ඇතිවන රෝග දුරලමින් එය පිරිසිදුව තබනවා
භයානක සර්පයකු වන ,පොළඟා ගේ විෂ ශරීරගත වූ විට ප්‍රතිකාර කිරීම සඳහා ද රට නෙල්ලි යොදාගනු ලබනවා.

මේ හැරුණුවිට ශාකයේ මුල් ඇදුම රෝගයට ද, පොතු පීනසට ද, පලතුරු යුෂ ඇස් රෝග වලටද යොදා ගැනෙන අතර , ශාකය මුත්‍රාආබාධ, මල බද්ධය බ්‍රොන්කයිටිස්, අර්ශස් රෝගවලට ද ප්‍රතිචාර දක්වන බව සඳහන් .

රට නෙල්ලි ගැන 2007 දී කෙරුණු පර් යේෂණයකින් සොයා ගනු ලැබුවේ එය තවමත් බටහිර ප්‍රතිකාර, සොයාගෙන නැති පෙණහළු කෙරෙහි බලපාන cystic fibrosis රෝගයෙන් පෙණහළු බේරාගත හැකි ශක්තියක් එහි ගෙඩි හා, කොළවල පවත්නා බවයි .

2008 දී ,කෙරුණු තවත් අධ්‍යයනයක දී හෙළිව ඇත්තේ එහි පරපෝෂිත ආසාදනවලට එරෙහිව සටන්කළ හැකි, විශේෂයෙන් පටිපණුවන් විනාශ කළ හැකි ඖෂධිය ගුණ පවත්නා බවයි .
, 2012 දි ශාකයේ විවිධ කොටස් යොදා කළ පර් යේෂණ වලින් පෙනී ගියේ ශරීරයේ ඇති වැඩි ජලය ඉවත්කිරීමේ හැකියාව (diuretic)ගෙඩි හා කොළවල පවත්නා බවයි . එබැවින් ඉදිමුම සඳහා ඖෂධ නිපදවීමට ඒවා සුදුසු බවයි.

එසේ ම හිතුමතේ ප්‍රතිජීවක ගැනීම, මාංශ ආහාරවලට යොදා ගන්නා සතුන්ට විවිධ ප්‍රති ජීවක ලබා දීම, ආදි විවිධ ගැටළු නිසා ඇතිවන , ප්‍රතිජීවක ප්‍රති විරෝධිතාවෙන් අනාගත පරපුර බේරාගන්නා ගැලවුම් කරුවකු ලෙසද රට නෙල්ලි හඳුන්වා දී තිබෙනවා.

 

දුලාන් 

(අන්‍තර්ජාලය ඇසුරිනි)