Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

ගෑස් මිලට රතු එලියක්

946Views

දවසින් දවස ජීවන මිල ඉහල යාම නිසා ජනතාවට ඉතා අපහසුතාවයට පත්ව ඇත එවැනි වකවානුවක කෙටි කාලයකින් නැවත ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ නොකළ හොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවරව පැවතීමට අසීරුවන බවත්  ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ පවසා සිටියේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කළ අවධියේ පදනම් කරගත් තත්වයන්වලට යටත්ව එසේ මිල වැඩිවීම සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ නමුත් ඉදිරියේදී ගෑස් මිල සම්බන්ධව තිරසර වැඩපිළිවෙළක් සැලසුම් කෙරෙන බවත් වැඩි කරන ලද මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත්. මිල පහත දැමීමට හැකිවන විධිමත් කළමනාකරණයකට යොමු කිරීමටත් අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කරන බවත් පවසා සිටියේය.දිනෙන් දින වෙනස් වන විසදුම් වලට වඩා තිරසාර විසදුමක් ලබා දීමට හැකි නම් අප සැමට සැනසුම් සුසුම් හෙලිය හැකි කරුනකි

 

 

 

සටහන සදරුවන් බටගොයාගේ