Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

රොබින් හුඩ් යලි කරලියට. දුනු ඊතල විද නෝර්වේ 5 ක් මරා දමයි...තවත් අයට තුවාල.. (Video)

1126Views

නෝර්වේජියානු නගරයක් වන කොංග්ස්බර්ග් හිදී එල්ල කල ඊතල  ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු නගරයේ ජීවත් වන ඩෙන්මාර්ක ජාතිකයෙකු බව බ්‍රහස්පතින්දා අලුයම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. පොලිසිය විසින් නම් කර නොමැති සැකකරු බදාදා දහවල් අත්අඩංගුවට ගෙන ඩ්‍රැමෙන් නගරයට රැගෙන ගොස් තිබෙනවා.
සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවාදැයි පොලිසිය හෙළි කර නොමැත. බලධාරීන් නවතම ප්‍රකාශය නිකුත් කළේ සෙසු අපරාධ කරුවන් සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බවයි.

අපරාධකරු මෙය සිදු කර ඇත්තේ තනිවමයි.

නමුත් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බැවින් ඒ පිළිබඳව මේ වන විට සොයා බලන අතර කෙසේ වෙතත්, “අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් මෙතෙක් ප්‍රශ්න කර නැති බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ