Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

රට කරන්න බැරි නමි රට භාර දී යන්න..ජනපතිට,රජයට උද්ඝෝෂණයක්

253Views

ස්වයං රැකියා සංගමය විසින් වත්මන් ජිවන බරට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.එහිදි එම සංගමයේ උප ලේකම් ලක්මාලි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපතිවරයා ප්‍රධාන රජයට විරැද්ධව අදහස් ප්‍රකාශ කළාය.


තම ස්වාමි පුරුෂයා නිවසට රැකියාව කර මුදල් ගෙනවිත් දුන්නද, මුදල් පරිහරණය කිරීම සිදු කරන්නේ ගෘහණිය විසින් බවත්
වර්තමානයේ වෙළෙඳසැලකට ගොස් අතවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනිමට හැදුවත් ( පොල් තෙල්,කහ,සුදුළුුණු,)මිල ඉතා අධික බවත්.රජය ඡන්දය ලන් වන විට මෙම භාණ්ඩ මිල පහත හෙලිමට කටයුතු කරන බවත්.එලෙස සිදු කිරීම ඉතා පහත් ක්‍රියාවක් ලෙසද,දරුවන්ට තමන්ට යන්න වෙන තැනක් නොමැති නිසා.මෙලෙස ජිවත් විම ප්‍රථිපල දායි නොවන බවද, නිසි කලමනාකාරිත්යෙන් රට කර ගෙන යාමට නොහැකිනමි රට භාර දී රටින් යන ලෙසද,එම උද්ඝෝෂණය තුළ ප්‍රකාශ විය.
රජයට අතසුට පල කරමින් කිරිබත් අනුභව කරමින්,ගෑස් මිල වැඩි බැවින් ගෑස් ටැංකිය උඩ වෙන ලිපක් ඉදිකරමින් එය දල්වා විරෝධතාව සිදු කළේය.






අනුරංග දිල්ෂාන්