Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

කටේ ප්ලාස්ටර් ඔතා අත්පා බැඳ කර මාඕය ළඟ ඝාතනය තිබු මළසිරුරේ තොරතුරු රැසක් හෙළිවෙයි

885Views

වරකාපොළ අලව්ව මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔයේ ඉවුරේ අත් පා ගැට ගසා මුඛයට ප්ලාස්ටර් අලවා   තිබුණු මළසිරුරක් ඊයේ එනම් දහතුන් වන දා දහවල් සොයාගත් බව වරකාපොල පොලිසිය කියයි.ජා-ඇළ සිට වරකාපොල හරහා කුරුණෑගල නගරයේ යකඩ අලෙවිකරණ වෙළදසැලක් වෙත ලොරි  රථයකින් සරනේරු ප්‍රවාහනය කරමින් සිටි සේවකයෙකු හදිසි අවශ්‍යතාවයක් සඳහා ලොරි රථය නවතා දමා උණ පඳුරක් අසලට ගිය අවස්ථාවේ මෙම මළ සිරුර දැක මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට දන්නවා තිබුණු බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.


පසුව එම නිලධාරීන් දෙදෙනා වරකාපොල පොලීසියට දන්වා ඇති අතර රකාපොල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අනුර පක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට විමර්ශන කටයුතු සඳහා පැමිණියා. පසුව මෘතදේහය දැක ඇතැයි කියන ලොරි රථයේ සිටි තරුණයින් සිව්දෙනාගෙන් ොලිස් නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනුණා. දේහය විමර්ශන කළ පොලිස් නිලධාරීන් කියාසිටියේ නිල්පාට කමිසයක් සහ කළු පාට දිග කලිසමක් ඇඳ සිටි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවටයි.


 


සඳරුවන් බටගොඩගේ 

උපුටා ගැනීමකි