Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

පොලිසියෙන් සහන මල්ලක්

228Views

දෙදරු පියා පොල් ගසකට නැග විරෝධතාවේ… සැරයන්ගේ හිත උණුවී අත පිරෙන්න බඩුමල්ලක් දී සිත සනසා ගෙදර යවයි
මහ වස්කඩුව ප‍්‍රදේශයේ පදිංචි නිමලරත්න නමැති දෙදරු පියෙකු අඩි 150 ක් පමණ උසැති පොල් ගසකට නැග තමා ඇතුළු දරු පවුලට කන්න බොන්න විදිහක් නැති බව පවසමින් (12) වෙනිදා  විරෝධතාවක නියැලී සිටියේය
සිද්ධිය සැළවීමත් සමඟ කළුතර උතුර පොලිසියේ රථවාහන අංශ සැරයන් සනත් චන්ද්‍රසිරි විසින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩු මල්ලක් රැගෙන පැමිණ ගසින් බිමට බසින ලෙස කළ ඉල්ලීමට අනුව අවනත වී ඔහු ගසෙන් බිමට බැස්සේය.
ඉන් අනතුරුව පොලිස් සැරයන්වරයා රැගෙන ආ වියළි සලාක අඩංගු මල්ල විමලරත්න මහතා වෙත භාරදුන් අතර එය රැගෙන සතුටින් නිවස කරා යන අයුරු දැකගත හැකි විය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිමලරත්න මහතා මෙසේ පැවසීය : මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පොල් ගස් නැගලා ජීවත් වෙන්නේ. කිසි ආදායමක් නැති නිසා මේ දවස් වල ජීවත් වෙන්න විදිහක් නෑ. මට රුපියල් 5000 හම්බවුනේ නැහැ. එක සලාක මල්ලක්වත් හම්බ වුනේ නැහැ. කන්න බොන්න නෑ විදිහක් නැති නිසා ගහට නැග්ගේ බිමට පැනලා දිවි නසා ගන්නයි. උදව් කළ පොලිසියේ මහත්වරුන්ට ස්තූතියි යනුවෙන් පැවසීය.පොලිසියට ඔනෑම කෙනෙක් බනිනවා හැබැයි මෙ වගේ මහත්වරුත් පොලිසියේ ඉන්නවා

.විශේෂ  ස්තුතිය  RAS ප්‍රේමතිලක බන්ඩාරගම මහතාට        

උ.පු අන්තර්ජාලයෙන්                                 

  සටහන .දුලාන් දිසානායක