Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

රාජපක්‍ෂලාට රට හදන හැටි කියා දෙන්න ඕන්නෑ - ඒගොල්ලො එක හොඳට දන්නවා

1075Views

 

රාජපක්ෂලා කියන්නේ හොඳ වැඩකාරයෝ. රාජපක්ෂලාට රස්සා දෙන්න ඕන විදිය කියල දෙන්න ඕන්නෑ රට හදන්න ඕන විදිහ කියලා දෙන්න ඕන්නෑ. වැටිච්ච රට ගොඩනගන්නඕන විදිහ කියලා දෙන්න ඕන්නෑ .ඒගොල්ලො එක හොඳට දන්නවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය .

බුලත්කොහුපිටිය නගරයේදී රුපියල් මිලියන 48.7 ක වියදමින් ඉදිවන මහල් හතරකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය .

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය,.

“මම මේ අමාත්‍යාංශයේ වැඩ භාරගත්තේ මාර්තු පළවෙනිදා දැන් මාස හත අටක් ගෙවිලා තියෙනවා. ඒකෙන් මාස පහක් ම රට වහල තිබුණේ කොරෝනා ව්‍යවසන නිසා. පසුගිය වසර පහක කාලය තුළ ආණ්ඩු කරපු කිසිම කෙනෙක් මේ දක්වා නොකරපු ඓතිහාසික කාර්යභාරයක් මට මේ මොහොතේ කරන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි අපිට තියෙන පළාත් පාලන ආයතන 341න් 265 ක ට මුදල් ප්‍රතිපාදන දීලා ඒ ප්‍රාදේශීය සභාවන්වල සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු කළා.