Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

ඩේටා පැකේජ් සඳහා තහනමක්

2578Views

 

ඉදිරි කාලය තුළදී නයිට් ටයිම් ඇතුළත් ඩේටා පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබානොදීමට කටයුතු කරන බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ නයිට් ටයිම් ඩේටා ලෙස විශාල ඩේටා ප්‍රමාණයක් වෙන්කර තැබීම ගැන ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබි තිබෙන බවයි.

නයිට් ටයිම් ඩේටා ලෙස සන්නිවේදන පහසුකම් සපයන සමාගම් ලබාදෙන්නේ තමන්ගේ පැකේජයට අදාළව නොමිලයේ ලබාදෙන ඩේටා ප්‍රමාණයක් වන නමුත් අදාළ සමාගම් එම ඩේටා ප්‍රමාණයද දහවල් කාලයේ ලබාදෙන ඩේටා ප්‍රමාණය හා එක්කර ලැබෙන සංඛ්‍යාව වෙළෙඳ ප්‍රචාරයේදී යොදාගැනීම තුළින් අදාළ ගැටළුව හටගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.
මෙවැනි වැරදි වෙළෙඳ සන්නිවේදන නිසාවෙන් පාරිභෝගිකයන් නොමඟ යන බවත් ඒ අනුව මෙම නයිට් ටයිම් ඩේටා ගැටළුව ඇතිවී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය .

මේ වන විට නයිට් ටයිම්, ඩේ ටයිම් ලෙස බෙදා වෙන්කර ඇති පැකේජයන්ට ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂම අවසර ලබා නොදෙන බවයි විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරන්නේ.

නයිට් ටයිම් ලෙස වෙනසක් නොමැති වඩා ලාභදායී පැකේජයන් මේ වන විටත් තමන් භාවිතා කරන දුරකථන සමාගම්වලින් මේ වන විටත් නිකුත් කර ඇති බවත්, ඔවුන්ගේ නිල වෙබ් අඩවියට ගොස් ඒ පිළිබදව පිරික්සා නව පැකේජවලට මාරු වන ලෙසත් ඕෂධ හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

 

 

අනුරංග දිල්ෂාන්