Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

මෙන්න වාහන හිමියන්ට විශේෂ පණිවිඩයක්

5007Views

 

 

ලබන ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වාහන වල අංක තහඩු බෙදාහැරීම නැවතීමට බලාපොරොත්තුවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පවසනවා.

එම කාර්යාල වෙත අංක තහඩු ප්‍රවාහනය වීමේදී විශාල ප්‍රමාදයකට ලක්වීම මත මේ පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ කුරියර් සේවා හරහා නිවෙස් වෙතම අංක තහඩු යැවීමේ ක්‍රමවේදයක් ගැන සකසන බවත් බොහෝ විට ලබන ජනවාරියේ සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මීට අමතරව වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය ද මෙම ක්‍රමවේදය මඟින් රියදුරු බලපත්‍ර බෙදා හැරීම ගැන අවධානය යොමු කර තිබෙන බවද වාර්තා වෙනවා......