Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

අපට නම් ගමට යන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ - මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේර ගත් එක හොඳටම ඇති

1547Views

 

මේ වෙලාවේ මැතිවරණයකට ගොස් ආණ්ඩුවට ගමට යන්න පුලුවන් තත්ත්වයක සිටී දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා

අපට නම් ගමට යන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. හුගක් අය හිතාගෙන ඉන්නේ අපිට ගමට යන්න බැහැ කියලා. එහෙම තමයි හිතුවේ කොවිඩ් ප්‍රශ්නය ආපුවහමත්. කොවිඩ් ප්‍රශ්නය ආපුවහම කිව්වේ මැතිවරය තියන්න හම්බවෙන්නේ නැහැ. මැතිවරණය මීටරේ දුර තියලා තිබ්බොත් දවස් 3ක් යනවා මැතිවරණය තියන්න. අන්තිමට ජේ.ආර්. හදපු ක්‍රමයෙන් තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට හම්බවුණා. කවුරුහරි හිතනවා නම් අපිට ගමට යන්න බැහැ කියලා. ඒක හීනයක් විතරයි. ගමට යන්න ඕනි වුනහම ගමට ගිහින් අපි පෙන්නන්නම්. එක නිසා අපිට මැතිවරණ තිබිය යුතුයි. මිනිස්සු මැරෙනකොටත් කොවිඩ් තියෙනකොටත් මැතිවරණ තියපු රටක්. යහපාලන ආණ්ඩුව කලේ මැතිවරණ තියපු නැති එක. අවුරුදු එකහාමාරක් දෙකක් ප්‍රදේශීය සභා පොඩි ඡන්දයවත් තිබ්බේ නැහැ. ඉතින් ආණ්ඩුව ඔච්චර අප්‍රසාදයට පත්වෙලා නම් අපි මැතිවරණයක් ගැන කතා කරනවා නම් විපක්ෂය ඒ ගැන සතුටු වෙන්න ඕන. අපි ගමට ගිහිල්ලා ගම ජයග්‍රහණය කරලා පෙන්නන්නම්. ඡන්දය තිබිය යුතු වෙලාවට ඡන්දය තියන්න ඕනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ගමනක් ද යන්න හදන්නේ යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

ඒක ඒ අයගෙන් අහන්න ඕනි.

ඔබතුමාලට එයාලගේ සහය අවශ්‍ය නැද්ද යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

සහය අවශ්‍ය නැහැ කියලා අපි කියලා නැහැ. කාට හරි වෙනම යන්ඩ ඕන්නම් ඒක ඒගොල්ලො තමා තීන්දු කරන්න ඕන. අපිට තීන්දු කරන්න බැහැ නේ වෙන පක්ෂවල ඒවා. අපි ඉන්නේ වෙනම පක්ෂයක දැන්. එයාලගෙන් තමයි අහන්න ඕනේ වෙනම යනවද පැනලා යනවද කියලා. අපෙන් අහලා වැඩක් නැහැ ඒ ගැන.

ආණ්ඩුවට බැරි නම් දීලා යන්න කියලා, සෞභාග්‍යයේ දේශයක් කරනවා කියපු එක දැන් කසල දේශයක් කරන්නේ යැයි විපක්ෂ නායකවරයා කල ප්‍රකාශය පිළිබද මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

අපි කැලි කසල වලින් පිරිච්ච රටක් තමයි බාරගත්තේ. කුණු ටිකවත් ඇදගන්න බැරි ආණ්ඩුවක් තමයි පහුගිය යහපාලන ආණ්ඩුව. අපි ඇවිල්ලා පැය 48න් මේ රට අපි ලස්සන කළා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත් එක්කම. කවුද කසල ගෙනාවේ කුණු ගෙනවා කියලා ප්‍රේමදාස මහත්තයාට අමතක වෙලා. අද එතුමාගේ මන්ත්‍රීවරුන්ම කියනවා එතුමා යන්න ඕනේ කියලා. කුඩේ තියාගන කුඩේ හකුලගෙන තෙමි තෙමී තමන්ගේ පක්ෂ නායකකමයි විපක්ෂ නායකකමයි බේරගන්න දගලනවා. මේවා දැක්කහම මට නම් පව් කියලත් හිතෙනවා.

භාණ්ඩ මිල මැතිවරණය ආසන්නයේ අඩු කරලා ජනතාවගේ ප්‍රසාදය ගන්නද ලෑස්ති වෙන්නේ යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

නැහැ. ජනතාවගෙන් අමුතුවෙන් ප්‍රසාදයක් ගන්න දෙයක් නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේර ගත් එක හොඳටම ඇති. විපක්ෂය ගිහින් නොයෙක් දේවල් වල එල්ලුනාට මේ රටේ මිනිස්සුන්ට හොඳට කෙළෙහිගුණ තියෙනවා. භාණ්ඩ මිල නෙමෙයි මිනිසුන්ගේ ජීවිත බේර ගත එකයි ලොකුම දේ කියන්න මිනිස්සු දන්නවා. ඔබත් මමත් අද මේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිවැරදි තීන්දු තීරණ ගත්තු නිසා. නැත්නම් ඔබතුමාට මාව දකින්න නොලැබෙන්න හරි මට ඔබතුමාව දකින්න නොලැබෙන් හරි තිබුණා. ඒ නිසා මේවා ගැටළු නෙවෙයිත මේවා තාවකාලික දේවල්. පහුගිය ආණ්ඩුවට මහ බැංකුව හොරා කෑවා කියනවා වාගේ ගලවා ගන්න බැරි සීල් මේ ආණ්ඩුවට නැහැ. අපිට තියෙන්නේ මේ කොවිඩ් වසංගත හරහා ආපු ප්‍රශ්න විතරයි. අනිත් රටවල් දිහාත් බලන්න. එංගලන්තයේ තෙල් ටික බෙදාගන්න බැරි වුණා. ඒ නිසා අපිට තියෙන්නේ බොහොම තාවකාලික ප්‍රශ්න. මේවායින් ඉක්මනින් එළියට එන්න පුළුවන් වෙයි කියලා අපිට දැඩි විශ්වාසක් තියෙනවා. මේ සීමාවල් ඔක්කොම ඉවත් වෙලා රට සම්පූර්ණයෙන් ඉක්මනට විවෘත කරන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තියනවා.