Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

ජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා.. පළාත් සභා මැතිවරණය තිවුවොත් අවාසියි

1197Views

අද වන විට ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් සිටින නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

එනිසා ජනතාවට සහන දී කබලෙන් ලිපට වැටීම වළක්වා ගැනීමට මුලින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

එමෙන්ම පලාත් සභා මැතිවරණයට අදාල පනත් සංශෝධනය කල යුතු බවත් එම කටයුතු සඳහා තවත් මාස හත අටක් යනු ඇති බව ද ඔහු කියා සිටී.

එම කාලය වන විට ආණ්ඩුව ගන්නා ලද බොහෝ ක‍්‍රියාමාර්ග සමග ජනතාව එකතු වනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඉන්පසුව මැතිවරණයකින් ජය ගැනීමට හැකිවනු ඇති බවත් එසේ නො සිතා හෙටම ඡන්දය තියන්න පැවැත්වීම කල නොහැකි සේම පැවැත්තුවොත් ආණ්ඩුවට අවාසි බවද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.