Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

රාජගිරි‍යේ සමදරා මුදලට විකුණූ තවත් දැරියකගේ කතාව

579Views

 

 


වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක් කළ සිදුවීමක් වාර්තා වෙනවා.

වයස අවුරුදු 15 ක දැරියක් වෙබ් අඩවි හරහා පුද්ගලයන් 30 කට ආසන්න පිරිසකට ලිංගික ක්‍රියාකාරකම් සඳහා අලවි කළ පුවතක් ද පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළා.

වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් ආදී සමාජයේ ඉහළ තලවල පුද්ගලයන් රැසක් එම බාල වයස්කාර දැරිය මිලදී ගෙන තිබු බවත් වාර්තා වු අතර ඔවුන්ට විරුද්ධව මේ වන විට අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මව හා නැගනිය සමඟ කොළඹ – රාජගිරිය ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 14 ක බාලවයස්කාර දැරියකද ලිංගික අපයෝජනයට ලක්වීමේ පුවතක් වාර්තා වන්නේ එවන් පසුබිමකයි.

ඒ තමන් දිගු කලක පටන් ලිංගික අපයෝජනයකට ලක් වන බව ඇය හිතවත් පුද්ගලයෙකුට හෙළි කිරීමත් සමඟයි.

රාජගිරි‍යේ සමදරා නම් කාන්තාවක් ද දැරියව මුදලට අලෙවි කරන ජාවාරමට සම්බන්ධ බවට එහිදී කරුණු අනාවරණය වුණා........