Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

අහස උසට මිල නැග්ග සහල් වල අලුත්ම මිල ගණන් මෙන්න

1073Views

 

 

මහපරිමාණ සහල් මෝල් හිමියන් මිල ප්‍රකාශයට පත් කර මාසයක් ගත වීමටත් පෙර සහල් මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නාඩු රුපියල් 15 කින්, සම්බා රුපියල් 10 කින් සහ කීරි සම්බා රුපියල් 30 කින් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

වෙළෙඳපොළේ මතු වූ අර්බුදකාරී තත්ත්වයකින් පසු සහල් සඳහා පැනවූ පාලන මිල රජය ඉවත් කිරීමත් සමඟ සහල් මිල ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින්ගේ අභිමතය අනුවයි.

ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 115 ටත්, සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 140 ටත්, කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 165 ට මිලට ගත හැකි බව පසුගිය සැප්තැම්බර් 28 වනදා ව්‍යාපාරිකයින් ප්‍රකාශයට පත්කර තිබුණා.

කෙසේ නමුත් මාසයක් යාමටත් පෙර නාඩු, සම්බා සහ කීරි සම්බා සහල් මිල මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.....