Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

රජිනිකාන්ත් වෙනුවෙන් ලංකාවෙන් ප්‍රවර්ධන ගීතයක්

454Views

 

කොලිවුඩයේ සුපිරි නළු රජිනිකාන්ත්ගේ ඉදිරි චිත්‍රපටය වන “අන්නාත්ත” සඳහා ප්‍රවර්ධන ගීතයක් ශ්‍රී ලංකාවේ කලාකරුවන් කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබේ.

දීපවාලි උත්සවයට සමගාමීව චිත්‍රපටය තිරගත වීමට පෙර ‘වර්රාරු ව‍ර්රාරු අන්නාත්ත’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අවධානයට ලක් වී තිබේ.

ගීතය සඳහා පොතුවිල් අස්මින්, කන්දප්පු ජයන්තන්, ක්‍රිෂාන් මහේෂන් සහ රෝජා සිවකුමාර් යන ශ්‍රී ලාංකික කලාකරුවන් දායක වී ඇත. 

ප්‍රසිද්ධ දෙමළ කවියෙකු හා ගීත රචකයෙකු වන පොතුවිල් අස්මින් විසින් පද රචනා කර ඇති අතර සංගීතය රචනා කර ඇත්තේ කන්දප්පු ජයන්තන් වන අතර එය ගායනය කර ඇත්තේ කන්දප්පු ජයන්තන් එක්ක ශ්‍රී ලාංකික දෙමළ රැප් ගායක ක්‍රිෂාන් මහේෂන් සහ රෝජා සිවකුමාර් විසිනි. සවුණ්ඩ් මාස්ටෙරිං මික්සිං අරුන් කුමාරස්වාමි.

සිරුත්තෛ සිවා අධ්‍යක්ෂණය කළ සහ සන් පික්චර්ස් නිෂ්පාදනය කරන ‘අන්නාත්ත’ හි රජිනිකාන්ත් සහ නයන්තාරා ප්‍රධාන චරිත නිරූපණය කරති.

පොතුවිල් අස්මින් සිංහල චිත්‍රපටය ගිරිවැසිපුර වෙනුවෙන් පළමු දමිළ ගීතයක් රචනා කරපු පද රචකයක් වන අතර වන්වේ ටෙලිනාට්‍යයේ දමිල ගීතයත් ඔහු විසින් රචනා කරන ලදී.