Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

අධ්‍යාපන ලේකම්වරයා මහාචාර්ය පදවියටත් සුදුසු නැහැ

2755Views

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහාචාර්ය කෙනෙකු වීමටවත් සුදුසු නොවන බව ඔහුගේ ක්‍රියාවෙනුත් පෙන්නුම් කෙරෙන බව ප්‍රධාන පෙලේ සංඝනායක හිමිවරුන් ඇතුළු බොහෝ දෙනෙකුගේ මතය වී ඇති බව නෙත් ගොසිප් වෙත වාර්තා වනවා.

රාජකීය විදුහලේ විදුහල්පතිතුමා මාරු කිරීම සඳහා බොහෝ දෙනාගේ නම් භාවිතා කරමින් ඔහු කරන ලද කුඨ භූමිකාව මෙන්ම මෑතකදී ඉතා දක්ෂ නිලධාරියෙකු වන විභාග කොමසාරිස්වරයාගේ වැඩ තහනම දක්වාවූ අධ්‍යාපන ලේකම්වරයාගේ ක්‍රියා කලාපය ඉතා අප්‍රිය ජනක හීනමානයෙන් පෙළෙන  කුහක මිනිසෙකුගේ ක්‍රියා පිළිවෙතක් පිළිඹිමු කරන්නක් බව බොහෝ දෙනාගේ මතයයි.

විභාග කොමසාරිස්වරයාගේ වැඩ තහනම දැනගත් අධ්‍යාපන ඇමතිවරයා වහාම ක්‍රියාත්මකවී එය වලක්වා ඇති බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වන්නේ.

අධ්‍යාපන ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවක ප්‍රථිපලයක් ලෙස කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කර දැනට මාස 06කටත් වඩා ගතවී ඇති අතර මේ දක්වා එම විදුහලට විදුහල්පතිවරයෙකු පත්කර නොමැති වීමද විශේෂත්වයක්.

මෙයට අමතරව දින කිහිපයකට පෙර ලේකම්වරයා ඔහුගේ පෞද්ගලික උවමනාව මත ප්‍රධාන පෙලේ පාසල්වල විදුහල්පතිවරුන් වශයෙන් අයඳුම ඉදිරිපත් කර ඇති කිහිපදෙනෙකුටම විරුද්ධව කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටින බවද නෙත් ගොසිප් වෙත වාර්තා වෙයි.

එවන් එක්තරා විදුහල්පතිනියකට විරුද්ධව තමන් කුමන්ත්‍රණයක් දියත් කරන බව රටේ ප්‍රධාන සංඝනායක වහන්සේ කෙනෙකුගේ ප්‍රශ්න කිරීම ඉදිරියේ ඔහු විසින්ම පිළිගෙන ඇති බව ද අප වෙත වාර්තා වී ඇත.

එමෙන්ම මොහුට හිතවත් දුෂිත නිලධාරීන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයකටද මොහු යොමු වී ඇති බව වාර්තා වේ. ලේකම්වරයාගේ මෙම ක්‍රියාකලාපය අනෙකුත් මහාචාර්යවරුන්ගේ එම පදවියටද අගෞරවයක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

මොහුගේ මේ දුෂිත ක්‍රියාවන්ට විරෝධය දක්වා මේ රටේ ප්‍රධාන පෙලේ සංඝනායක හිමිනමක් වන පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ඔහු වෙත ලිපියක් හොමුකර ඇති බවද නෙත් ගොසිප් වෙත වාර්තා වනවා.

අධ්‍යාපන කේෂ්ත්‍රය රටේ ඉදිරි අනාගතය තීරණය ක‍රන ප්‍රධාන යතුර වේ. එවන් ස්ථානයක ලේකම් ධුරය හොබවමින් තමන්ගේ සිත තුල දුෂ්ඨ ගතිලක්ෂණ පෙන්නුම් කරන අයෙකු තබා තිබීමෙන් රටේ අනාගතයට අදුරක් එක්වීම හැර ආලෝකයක් උදාවේද යන්න තීරණය කිරීම තීන්දු තීරණ ගන්නා ප්‍රධානින් දෙපාරක් සිතා බැලීමට කාලය එළඹ ඇත..