Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

පාසල් යන්න ඇඳුම ප්‍රශ්නයක්  නෑ

1115Views

 

 


පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සහ පාවහන් යුගළකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසනවා.

දරුවන් වසරකට වැඩි කාලයක් පාසලට නොපැමිණීම සහ නිවසේම රැදී සිටීම නිසා ශරීර ප්‍රමාණය වැඩි වී සහ ඇඳුම් සහ සපත්තු කුඩා වීම පිළිබඳව සහ වර්තමාන ආර්ථික තත්වය අනුව දෙමව්පියන්ට අලුත් ඇදුම් සහ සපත්තු මිලදී ගැනීමේ අපහසුතාව යන කරුණු පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බවත් ධර්මසේන මහතා සඳහන් කළා.

පාසල් ආරම්භ වන 25 වන දින සිට නැවත දැනුම් දෙනතුරු මෙය ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු දැනුවත් කර ඇති බවත් ධර්මසේන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා......