Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

බොරු පැමිණිල්ලක් කල කාන්තාවකට වැඩ වැරදුණු හැටි

549Views

 

 


කොරෝනා මර්ධන නිල ඇඳුම් වලින් සැරසුණු හය දෙනකුගෙන් යුත් කල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලාගිය බවට සිදුකළ පැමිණිල්ලකට අනුව වැඩිදුර විමර්ශන කිරීමේදී පැමිණිල්ල සිදු කළ කාන්තාවම  මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

සොරාගත් බව කියු මුදල් හා රන් භාණ්ඩ සියල්ලම පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කල බව පොලිසිය පවසනවා.

මීගොඩ මිනුවන්දෙණිය බෙරුකැටිය ප්‍රදේශයේ සොරකම සිදුවූ නිවස වෙත ගිය පොලිස් නිලධාරින් පරීක්ෂණ සිදු කිරීමේදී පැමිණිල්ලේ සඳහන්ව තිබූ පැහැරගෙන ගිය බව සඳහන් කර තිබූ නර්තන ඇඳුම් කිහිපයක් ගිනි තබා පුළුස්සා තිබූ ස්ථානයක තිබී කොටස් කිහිපයක් සොයා ගැනීමට හැකි වූ බවත්, ඒ අනුව පොලිස් නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත පැමිණිල්ල සිදුකළ කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සොරකමේ සියලු තොරතුරු අනාවරණය වූ බවත් පොලීසිය පවසනවා.

සැකකාරියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දහ හතකට ආසන්න රන්භාණ්ඩ  නිවස පිටිපස වල දමා තිබියදී සොයාගත් බවත් රන් භාණ්ඩ අසුරන ඊට මදක් ඔබ්බෙන් විසිකර තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසනවා.......