Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

ඩොලර් හිගය මැද ලංකාවේ වෙනදේ - අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පිටරටින් ගලයි

3380Views

 

ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා ඩොලර් හිඟ වී ඇති අවස්ථාවක තවමත් චොකලට්, චීස් වර්ග, ටොෆි, පැස්ටා, විවිධ රසකැවිලි, ඇපල්, දොඩම්, සහ මිදි ඇතුළු අත්‍යවශ්‍ය නොවන විදේශ භාණ්ඩ රැසක් දැන් මෙරටට ආනයනය කරමින් තිබේනවා.

රටේ විශාල විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබියදීත් මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයනික භාණ්ඩ ගෙන්වීමට ඉඩදීම හේතුවෙන් රටේ පවතින සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය වැය කිරීම ඉතා අහිතකර බව ද ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි භාණ්ඩ රැුසක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සඳහා ශී‍්‍ර ලංකා මහබැංකුව මීට කලකට පෙර ඒ සඳහා විවෘත කරන ණයවර ලිපි සඳහා සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බවට නියමයක් පැනවූ අතර එය පසුව මහබැංකුව විසින් මෑතදී ඉවත් කරන ලදී. එම පියවර මෙවැනි අත්‍යවශ්‍ය නොවන ආනයන වර්ධනය වීමට හේතුවක් වී ඇති බව ද එම ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පවසනවා .

ඉතා උසස් වර්ගයේ චොකලට් වර්ග, චීස් වර්ග, වෙනත් රසකැවිලි නිෂ්පාදන සහ එළවළු සහ පලතුරු ද දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන බවත් ඒවාට මේ අවස්ථාවේ ඉඩදිය යුතු බවත් ඔවුහු සඳහන් කරනවා .

මෙසේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නිසා අපේ සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය විදේශ නිෂ්පාදකයින් වෙත ඇදී යෑම අපේ ඩොලර් ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වීමට මෙන්ම දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඩොලර් හිඟයක් ඇති වීමට ද හේතුවක් වී ඇති බව ද ඔවුහු සඳහන් කරනවා .

ඒ නිසා මෙවැනි නිෂ්පාදන ආනයනය සීමා කරමින් මේ අවස්ථාවේ දේශීය නිෂ්පාදකයින්ට හා කර්මාන්තකරුවන්ට රජය වඩාත් අතදිය යුතු බව ද එම ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ තවදුරටත් රජයට අවධාරණය කරනවා .