Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

බෝට්ටුවක් ගිලී 31ක් මරුට…තවත් පිරිසක් අතුරුදන්

535Views

 

ප්‍රංශයේ සිට එක්සත් රාජධානිය බලා ගමන්ගත් සංක්‍රමනිකයන් රැගත් බෝට්ටුවක් උතුරු ප්‍රංශයේ කැලේස් කලාපය ආශ්‍රිත ඉංග්‍රීසි ඇලේ අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

2014 වසරෙන් පසු එම ඇල මාර්ගයේ සිදුවූ විශාලතම අනතුර මෙය බවයි  සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසනේ.

මියගිය අය අතර කාන්තාවන් පස් දෙනෙකු සහ ගැහැණු ළමයෙකු වන බවද සදහන්

පුද්ගලයන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙකු අතුරුදහන් වී ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

සංක්‍රමනික බෝට්ටු අනතුරත් සමඟ මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා බි‍්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ද්වී පාර්ශවික එකඟත්වයකට පැමිණ ඇති බවද සඳහන්.