Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

ගුරුවරයාට පිහි ඇණුමක් සිදු කලේ පෙම් පලහිලව්වක් නිසා ද?

308Views

 

 

පෝද්දල කාසිදෙණිය පදිංචි ගුරුවරයකුගේ නිවසට ඉකුත් 21 වැනිදා රාත්‍රී ත්‍රිරෝද රථයකින් පැමිණ, ගුරුවරයාට පිහියෙන් ඇන පලා ගොස් ඇති ගැහැනු ළමයා හඳුනාගෙන ඇති අතර එම අපරාධයට පැමිණි පිරිමි ළමයා මෙතෙක් හඳුනාගෙන නැත. 

එදින රාත්‍රී අවුරුදු 16 ක ගැහැණු  ළමයකු සහ පිරිමි ළමයකු ත්‍රිරෝද රථයකින් පැමිණි ගුරුවරයාට පිහියෙන් ඇණ පලාගොස් ඇති අතර සුළු තුවාල ලැබූ ගුරුවරයා බද්දේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

මෙම සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සැකකාර ළමයා හඳුනා ගැනීම සඳහා පොලිසිය විසින් පරික්ෂණ පවත්වාගෙන යනවා.....