Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

කාන්දු වෙන ගෑස් : පාරිභෝගිකයින්ට කාගේ පිළිසරණක් ද ? (VIDEO)

1114Views

 

රටේ පසුගිය සති කිහිපය තුල ගෑස් සිලින්ඩර් පිපිරීමකට ලක්වීමෙන් සිදුවූ අනතුරු කිහිපයක් පිලිබදව වාර්තා පළවුනා 

ඉකුත්  සෙනසුරාදා අලුයම් කාලයේ කොළඹ පැරණි තුරගතරග පිටිය ආසන්නයේ ද අසල ගොඩනැගිල්ලක පිහිටා තිබු ආපනශාලාවක ගෑස් කාන්දුවක් නිසා  විශාල පිපිරීමක් සමග ගින්නක් ඇතිවූ අතර එයින් විශාල දේපල හානියක් සිදුවිය.

ඊට අමතරව රත්නපුර ප්‍රදේශයේදී ද මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර එයින්ද එක කාන්තාවක් බරපතල තවාල ලැබිය. 

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුය.

නිසි අනුමැතියකින් තොරව මෙරට සමාගම් විසින් ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවට වාර්තා පළවේ.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුය.

පසුගිය අප්‍රේල් මාසයේ සිට, සිලින්ඩරයක ගෑස් සංයුතිය SLSI අනුමැතියකින් තොරව ගෑස් සමාගම් විසින් බුටේන් 80: Propane 20 සිට පිළිවෙලින් බුටේන් සහ ප්‍රොපේන් 50:50 දක්වා වෙනස් කර ඇත. 

සිලින්ඩරවල කපාට කාන්දු වන බවට ලැබුණු පැමිණිලිවලට හේතුව එය බවයි වාර්තා වන්නේ.

ගෑස් සිලින්ඩර කාන්දුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතී.

මෙවැනි තත්ත්වයක් මත පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව තහවුරු කිරිමට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන ගැටළුව වඩාත් ඉස්මතුවෙමින් ඇත.

ගෑස් සිලින්ඩරයක කපාටයකින් ගෑස් කාන්දු වෙන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්...