Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

දිනෙන් දින ඉහළ යන ලෝක ඛනිජ තෙල් මිලට ඇමරිකාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් කරන්න යන දේ

903Views

 

කොවිඩ් වසංගතයත් සමඟ ලෝකයේ බොහෝ ප්‍රවාහන  කටයුතු අඩාල වුණා. ඒ සමඟ ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් සිය නිෂ්පාදන පහත දැමුවා ඉරාකය, රුසියාව, සෞදි අරාබිය ඇතුළු බොහෝ තෙල් නිෂ්පාදනය කරන රටවල් දෙසැම්බර් දක්වා සිය නිෂ්පාදන ඉහළ දමන්නේ නැති බව ප්‍රකාශ කළා. මේ නිසා දිනපතා ඉන්දන මිල ඉහල යමින් තිබෙනවා ඇමරිකානු ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල දැන් වාර්තා වෙමින් තිබෙනවා .

තවද , බ්‍රිතාන්‍ය , චීනය, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල ද ඉන්ධන මිල දිනපතා ඉහළ යමින් තිබෙනවා. ඊට විකල්පයක් ලෙස මෙම සියලුම රටවල් ඒකාබද්ධව තනි තීරණයක් වෙත ගමන් කරමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ප්‍රථම වතාවට ඇමරිකාව සිය ආරක්ෂිත තෙල් සංචිතවලින් බැරල් මිලියන 50ක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව ඉන්දියාව ජපානය, මහා බ්‍රිතාන්‍ය, චීනය, දකුණු කොරියාව, ඇතුළු තවත් රටවල් කිහිපයක ද සිය ආරක්ෂිත තෙල් සංචිතවලින් කොටසක්  හදිසි භාවිතය සදහා නිකුත් කරන ලෙසයි ඇමරිකාව ඉල්ලීම් කර ඇත්තේ

ඒ අනුව ඉදිරි මාසය තුළ ලෝක තෙල් වෙළඳපොළෙහි ඉන්ධන මිල යම් ප්‍රමාණයකට හෝ පාලනය වනු ඇති බවයි බලශක්ති විශේෂඥයින් අවධාරණය කරන්නේ. බොරතෙල් නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නා ලෙසද ඇමරිකාව ඇතුලු ලෝක බලවතුන් ඔපෙක් සංවිධානයෙන් ඉල්ලීම් කර ඇති බවද සඳහන්.