Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

මෙලනියා ට්‍රම්ප්ට මොකද වුනේ ? (PHOTOS)

1496Views

 

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇය ජනවාරි මාසයේදී ධවල මන්දිරයෙන් පිටව ගිය දා සිට ඇය සම්බන්දයෙන් විවිධ කටකතා නිර්මාණය විය. ඇතැම් විදෙස්  මාධ්‍ය වාර්තා කරේ ඇය ඔහුගෙන් දික්කසාද වන්නට යන බවකි.  නමුත් තවම එවැන්නක් සිදුවී නැත. ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටීම් සීමාකර බොහෝ දුරට නිහඬව සිට ඇත. ඩොනල්ඩ් තවමත් ඔහුගේ කාර්යාලයේ සිට ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටි නමුත් මෙලනියා ඇගේම දේ කරමින් නිහඬව ළමුන් සහ මානසික සෞඛ්‍ය දැනුවත් කිරීම සඳහා ප්‍රචාරක කටයුතු කරන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් 2024 දී නැවත ජනපතිවරණයට ඉදිරිපත් වන්නට උත්සාහ දරන බව පසුගිය මාසයේ ඉඟි කළ අතර ඒ සමග මෙලනියාගේ ඊට ප්‍රතිචාරය සොයන්නටද මාධ්‍ය උනන්දු විය.  නමුත් ඇය සැමියා මෙන් ඉදිරිපත්වන්නට බැරි බව දක්වා මාධ්‍ය අවධානයට නොකැමැත්ත පළකර ඇත .

වොෂින්ටන් වෙත නැවත පැමිණීමට උනන්දුවක් දක්වා නැත  මෙලනියා සිය ජීවිතයේ එම කාල පරිච්ඡේදය අවසන් කර හිත හදාගෙන අවසන්ය. ඇයගේ මිතුරියන් උපුටමින් ඇගේ අදහස් වාර්තා කර තිබෙන අතර "නැවතත් ජනාධිපති ආර්යාව වීමට මට අවශ්‍ය නොවන බවත්  . එය අවසන්, එය එපමණයි," ඇය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

හිටපු ජනාධිපති ආර්යාව දිනකට දෙවරක් ‘ස්පා‘ වෙත ගොස් මිතුරන් සමඟ දිවා ආහාරය ගැනීමට හෝ ඇගේ සැමියා ඩොනල්ඩ් සමඟ රාත්‍රී ආහාරය ගැනීමට බටහිර පාම් බීච් හි පිහිටි ඔවුන්ගේ මාර්-ඒ-ලාගෝ නිවසේ  කාලය ගත කරන බව  වාර්තාවනවා  ඩේලි මේල් පුවත්පතට අනුව,ඇය මේ සතියේ ‘තෑන්ක්ස් ගිවින්ග්‘ නිවාඩුවට පෙර ෆ්ලොරිඩාවේ පාම් බීච් හි 4KIDS නම් ස්ථානයකට හදා වඩා ගත් දරුවන් සහ පවුල් සමඟ සංචාරය කිරීමෙන්  කාලය ගතකර ඇත.