Sunday, January 23, 2022
/ - General line - 0115112241 | - [email protected]

විකෘති 10 ක් මුසුවුණු බිහිසුණු වෛරස් විකෘතියක් එනවා 

1116Views

දකුණු අප්‍රිකාවෙන්  'ඩෙල්ටා' විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රභල , විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු, බිහිසුණු 'කොවිඩ් 19' ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

B.1.1529 යනුවෙන් නම් කළ මෙම 'කොවිඩ් 19' විකෘතිය මේ වනවිට දකුණු අප්‍රිකාවේ සහ බොට්ස්වානා වල  පැතිර යන බව වාර්තා වේ. දකුණු අප්‍රිකා  සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන බවය. මෙම නව ප්‍රභේදයේ ඇති දැඩි විකෘතිවීම් හේතුවෙන්, කොරෝනා වෛරසයේ මුල් ජානමය පිටපත ඇසුරෙන් නිර්මාණය කරන ලද එන්නත්, එම ප්‍රභේදය මට්ටු කළ නොහැකි බව ය.  B.1.1529 විකෘතිය තවමත් ග්‍රීක හෝඩියේ අක්ෂරයකින් නම් කිරීම සිදු කර නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නව විකෘතිය සම්බන්ධයෙන් ඊයේ (25) රැස් වී විශේෂ හමුවක් පැවැත් වූ බව විදෙස් මාධ්ය‍ වාර්තා කරනවා  මෙම නව විකෘතිය හඳුනා ගැනීම සහ ඒහි සුලමුල සොයා ගැනීමට සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ  'යූ.සී.එල්. ජෙනටික්ස්' නමැති ජාන පර්යේෂණ ආයතනයයි.

ඒඩ්ස් ආසාදිතයකුට 'කොවිඩ් 19' ආසාදනය වී, එම තැනැත්තාගේ සිරුරේ 'කොවිඩ් 19' වෛරස විකෘතිකරණයට ලක්වීමෙන් පසු B.1.1529 නිර්මාණය වී ඇතැයි 'යූ.සී.එල්. ජෙනටික්ස්' ආයතනයේ වයිරස විශේෂඥයෝ පෙන්වා දෙනව . ඒඩ්ස් රෝගයට හේතු වන්නේ එච්.අයි.වී. වෛරසයයි. එච්.අයි.වී. ආසාදනය වූ පසු සිදු වන්නේ,ප්‍රතිශක්තිය විනාශ කර දැමීමය. ඒ අනුව, ඒඩ්ස් රෝගියකුට සාමාන්යර හෙම්බිරිස්සාවක් පවා මාරක වන අවස්ථා ඇත.
'ඒඩ්ස් ආසාදිතයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වුවහොත් එය ඉතාමත් බරපතල තත්ත්වයක්. එච්.අයි.වී. වයිරසය හේතුවෙන් එම තැනැත්තාගේ ප්‍රතිශක්තිය මුළුමනින්ම අඩපණ වීම ඊට හේතුවයි.

B.1.1529 විකෘතිය නිර්මාණය වී ඇත්තේ, ඒඩ්ස් ආසාදිතයාගේ සිරුර හැකි උපරිමයෙන් කොවිඩ් 19 වෛරසය නැසීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. එය තව තවත් විකෘති වෙමින් ස්වරූපය වෙනස් කරගෙන B.1.1529  නිර්මාණය කර තිබෙනවා. මෙය සැබැවින්ම බිහිසුණු විකෘති ප්රූභේදයක්' යැයි 'යූ.සී.එල්. ජෙනටික්ස්' ප්‍රධානී ෆ්රයන්සුවා බැලොක්ස් පෙන්වා දී තිබේ.

මේ අතර මෙම වෛරස ප්‍රභේදය වාර්තාවීම ත් සමග දකුණු අප්‍රිකානු කලාපයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා දැඩි සංචරණ සීමා පැනවීමට එංගලන්තය කටයුතු කර තිබේ.විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එංගලන්තයෙන් එම ප්‍රභේදය ආසාදනය වූවන් මෙතෙක් වාර්තා වී නොමැති බව ය.
තවමත් මෙම විකෘතිය අප්‍රිකානු  කලාපයේ දකුණු අප්‍රිකාවට සහ බොට්ස්වානාවට පමණක් සීමා වී ඇති අතර, මෙම විකෘතිය ආසාදිත රෝගීන් හමුවී ඇත්තේ විසි දෙදෙනකු පමණි.