Sunday, January 23, 2022
/ - General line - 0115112241 | - [email protected]

තැනට සුදුසු නුවණින් අපයෝජකයාගෙන් බේරුණු සිසුවිය

8297Views

මහ මඟ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ව පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දැරීමේ පුවතක් බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

17 හැවිරිදි අදාළ පාසල් සිසුවිය ඊයේ සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුව සඳහා පාසලට ගොස් නැවත නිවස වෙත එන අතරතුර එම කරදරයට මුහුණ දී තිබේ. ප්‍රධාන මාර්ග පසුකර ගමට යන අතුරු මාර්ගයේ දී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් මාර්ගය හරස්කර අදාළ සිසුවියට පහර දී අසල පාළු වත්තකට රැගෙන ගොස් ඇත.

පසුව ඇයව අපයෝජනයට ලක්කිරීමට උත්සහ කිරීමේ දී එම සිසුවිය අදාළ පුද්ගලයාගේ මුහුණ හපා කා ඇති අතර, ගලකින් මුහුණට ගසා එම ස්ථානයෙන් පළාගොස් තිබේ.

පසුව ඇල්ල පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු සොයා වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.ගම්වාසීන් පවසා සිටියේ එම ප්‍රදේශයේ පවතින පාළු ස්වභාවය හේතුවෙන් මීට පෙර ද එවැනි ම අවාසනාවන්ත සිදුවීමක් සිදුව ඇති බවය.

ඒ පිළිබඳ අදහස් දැක්වු තවත් තරුණියක් මෙසේ කියා සිටියා,

"2014 දීත් මේ වගේම සිදුවීමක් වුණා. මගේ යාළුවෙක් ඇදගෙන ගිහින් තිබුණා කැලේට. එයාව හම්බවුණේ පහුවදා දවසක." ඉඩම් හිමිකරුවන් විසින් එම ප්‍රදේශය එළිපෙහෙළි නොකිරීම මෙවන් අනතුරු බහුල වීමට හේතුවී ඇතැයි ගම්වාසින් චෝදනා කර සිටිනවා.