Sunday, January 23, 2022
/ - General line - 0115112241 | - [email protected]

මගේ හොඳ හොඳ වැඩ ටිකක් ඉස්සරගට බලාගන්න පුළුවන් - ෂෙහානි කහඳවල (PHOTOS)

3985Views

ෂෙහානි කහඳවල වර්තමානයේ නිතර ඇස ගැටෙන දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. ටෙලි නාට්‍ය කිහිපයක් ඔස්සේ සිය රංගන හැකියාව පෙන්වු ඇය රංගනයට අමතරව ගායනය, නර්තනය, නිවේදනය යන අංශ ගණනාවකටම දස්කම් දක්වනවා. නමුත් දැන් වැඩිපුර ඇයව  දකින්න නොලැබෙනවා . 

"මම එක දිගට වැඩ කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. උපරිම මම නිර්මාණ දෙකක් වගේ තමයි බාර ගන්නේ. අපි සේරම වැඩ බදාගෙන කරන්න ගියොත් එක වැඩක්වත් සාර්ථකව ඉවර කරන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. මම එහෙම වැඩ බදාගෙන කළොත් මට මම කරන නිර්මාණයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න බැරි වෙනවා. ඒ නිසා මම විවේකයක් අරගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ" .

"දැන් අවුරුදු දෙකකට ලං වෙන්න කාලයක් සිනමා ශාලා වහලා තියෙන්නේ. මම ආසාවෙන් බලාපොරොත්තු වුණත් අලුත් සිනමා වලට සම්බන්ධ වෙන්න ඇත්තටම එහෙම කරන්නේ කොහොමද. වසංගත තත්ත්වයත් එක්ක ගොඩක් වැඩ අතරමග නතර වෙලා. මමත් ලොකු හීනයක් දකිනවා හොඳ නිර්මාණයකින් සිනමාවට අඩිය තියන්න. මගේ නමක් හදාගන්න "

"මම රඟපාපු හැම චරිතයකම විවිධත්වයක් මම දකිනවා. අහිංසකාවි කියන චරිතය මට නිරන්තරයෙන් ලැබෙන්නේ මගේ පෙනුම නිසා වෙන්නැති. හැබැයි ඉදිරියේදී මම කරපු විශේෂ වැඩ බලාගන්න පුළුවන්. මොකද තාම ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන් හමුවට ගිහින් නැහැ." 

මේ ඇයගේ සුන්දර ජායාරූප කිහිපයක්