Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඇමරිකාවේ ලෝක විවාහක රූ රැජින තරගයට ගිය පුෂ්පිකා ගේ නවතම චායාරුප මෙන්න (PHOTOS) (VIDEOS)

5291Views

පුෂ්පිකා ද සිල්වා කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැ. ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගන්නේ 2011 වර්ෂයේ, එතැන් පටන් ඇය විටින් විට විවිධ ජාත්‍යන්තර නිරූපන තරග සඳහා සම්බන්ධ වෙනවා. 2011 වර්ෂයේ සංචාරක රූ රැජින තරගයටත් ඇය සම්බන්ධ වෙනවා.

ඒ වගේම 2013 වර්ෂයේ ලොව හොඳම නිරූපන ශිල්පිනිය බවට පත් වෙන පුෂ්පිකා ජාත්‍යන්තරයම කතාබහට ලක් වෙන චරිතයක් බට පත් වෙන්නේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වීමත් එක්කයි. කාගේත් කතාබහට ලක් වූ ඇය ඊයේ මව් රටින් පිටත් වුනේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමටයි, ඇමරිකා එක්සත් ජනපදයේ ලබන 15 වැනි දින මහා උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය වෙනවා. 

ඇය පිටත්ව යනවිට සිය ෆේස් බූක්  ගිණුමේ වීඩියෝවකද පළකර තිබුන අතර  පසුව  පුෂ්පිකා ද සිල්වා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් වලදී ගත් චායරුප කිහිපයක්ද එක්කර තිබුනා