Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

දෑත් අහිමි පියෙකුගේ සංවේදී ඉල්ලීම ( PHOTOS )

2517Views

"දෑත් අහිමි වුනත් මට කවුරු හරි මහත්තයෙක් රුපියල් 10 ක් දුන්නොත් ඒකෙන් රුපියල් 1000 ක වැඩක් කරන්න පුලුවන් ශක්තියක් මට තිබෙනවා. මගේ දහඩිය මහන්සිය නැවත වතාවක් කොවිඩ් මාරයා බිලි ගත්තා. මගේ දරුවා කැම්පස් යන්න තේරුණත් වියදම් කරන්න විදියක් නැති නිසා අද ගෙදරට වෙලා රැකියාවක් හොයනවා අපිව ජීවත් කරවන්න. මම දැන් හරිම අසරණ වෙලා ඉන්නේ" යැයි දෑත් අහිමි එක් දරු පියෙකු හැගීම් බරව අපට පැවැසීය.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ, අංක 45 පරණහම්මිල්ලෑව තුලානේ පදිංචි, 40 හැවරිදි පද්මසිරි කුමාරගේ මහතා වෘත්තියෙන් යකඩ පෑස්සුම් කරුවෙකි. 

ඉතා කාර්යක්ෂමව එම වෘත්තිය සිදු කළ පද්මසිරි මහතා දිවයිනේ බොහෝ ස්ථාන වල තම වෘත්තීය සිදු කළේය. වර්ෂ 1981 ජුලි මස 25 වෙනි දින වවිනියාව මහ රෝහලේ මෙලොව එළිය දකින පද්මසිරි කුමාර නැමැති බිලින්දා උපතින් කිසිදු ආබාධයකින් තොරව සිටි අයෙකි. එසේ ජම්මය ලැබූ පද්මසිරි කුමාරගේ මහතාගේ ඉරණම කණපිට හැරවීමට 2007 වර්ෂය සමත් විය. 

එවක පද්මසිරි මහතා ජල ටැංකියක පෑස්සුම් කටයුත්තක් සිදු කරමින් සිටියදී අධි බලැති විදුලි රැහැන් පද්ධතියක ගැටී විදුලි සැර වැදී ඇත. එම අනතුරින් දැඩි ලෙස පිලිස්සුම් තුවාල තිබූ පද්මසිරි මහතා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරීමට හිත මිතුරන් කටයුතු කළේය. පද්මසිරි කුමාරගේ මහතා රෝහලේ සිටි පළමු දින 05 ක කාලයෙන් පසුව දකුණු අත කපා ඉවත් කිරීමට රෝහල් බලධාරින් කටයුතු කර ඇත. තවත් දින කිහිපයක් ගත වෙනවාත් සමගම ඔහුගේ වම් අතද ඉවත් කිරීමට වෛද්‍ය වරුන් කටයුතු කළේය.

එසේ ජීවිතයට ආ බාධක ජය ගනිමින් ජීවත් වීමට මහත් වෙහෙසක් දැරූ පද්මසිරි සහ ඔහුගේ භාර්යාව වන ගීතිකා ප්‍රියදර්ශණී එක් දරුවෙකු සමග ජීවිතය නැමති ඔරුවේ නැග දියඹ තරණය කිරීමට දැඩි වෙහෙස මහන්සියක් දරා ඇත. ඒ අනුව පරණහම්මිල්ලෑව ගමේ පුංචිවට සිල්ලර කඩයක් සහ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට පද්මසිරි මහතා කටයුතු කළේය.ඒ අතර ඔහුගේ බිරිදද රෙදි මැෂීම ආරම්බ කරමින් දෛනික ජීවිතයට පනම් කිහිපයක් හොයා ගත්තේ රටටත් ,ගමටත්, නෑදෑ හිත මිතුරන්ටවත් කරදරයක් නොවී ජීවත් විමටය. 

පැවැති ලෝක වසංගතය මේ ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත උදුරා ගැනීමට සමත් විය. එය එසේම මේ වන විටත් පවති. එම වසංගතය  පද්මසිරිට සහ ගීතිකාට ද දැඩි තර්ජනයක් විය. මේ වන විට එහි ප්‍රථිපලයක් ලෙස සිල්ලර කඩය හෙමින් හෙමින් වැසී යමින් පවති. රෙදි මැෂීමට ගම්මානයෙන් ආ පිරිසද අද එහි දක්නට නොලැබේ. 

ජීවිතයේ කටුක බාවය කියා දෙමින් ජීවිත ගමනේ දුකඛ දෝමනස්‍ය තුරුලු කරන් දරුවන්ගේ සිහින සැබෑ කිරීමට වෙහෙස දරණ පද්මසිරි කුමාරගේ මහතා අපට මෙසේ කීය,

“ 2007 වර්ෂය මගේ ජීවිතයට අදුර ගෙන ආ වර්ෂයයි. මම අඩි 20 ක් පමන උස ටැංකියක වහල ගහන්න ගිහින් අධි බලැති විදුලි රැහැණක ගැටී ටැංකියෙන් බිමට වැටුණා. මට සිහිය තිබුණේ නෑ. මට සිහිය ඇවිත් බලද්දි අත් දෙකම හිරි වැටිලා. කොළඹ ජාතික රෝහලේ ඉන්නේ කියලා මම පසුවයි දන්නේ. පසුව දින 05 න් පමන මගේ දකුණු අත කැපුවා.අත් හෙඳටම පිච්චිගා තිබුණු නිසා ස්නායු මැරිලයි තිබුණේ. එකයි අත් කැපුවේ.  එදා මම ගොඩාක් අසරණ වුණා.
දැන් මම මගේ වැඩ සහ ගෙදර වැඩ තනියෙම කර ගන්නවා. රැකියාවක් විදිහට සිල්ලර වෙළඳාම කළා. දැන් අතේ තිබුණ සල්ලි වියදමි වෙලා කඩේ කරගෙන යන්න හැකියාවක් නෑ. කොරෝනා කාලයේ ඒ සල්ලි වලින් තමයි දරුවාගේත් බිරිදගෙත් බඩ පිරෙව්වේ. මම ගෙවතු වගාවත් කරනවා. රටට බරක් වෙන්න කැමති නෑ. නමුත් දැන් මම ගෘහ මූලිකයා ලෙස දුර්වල වෙලා. මම රජයෙන් ඉල්ලා සිටින්නේ මට මේ කර්මාන්ත නැවත කරගෙන යන්න අත හිත දෙන්න කියලා. 0716677282 දුරකතන අංකය මගේ. අපට පිහිට වෙන්න පුලුවන් අය ඉන්නවනම් කතා කරන්න. බොහෝම පිං."

ගීතිකා පියදර්ශණී මහත්මිය පැවසුවේ

"මගේ මහත්තයා තමයි ආබාධ සහිත පුද්ගලයන්ගෙන් නිවස් මට්ටමේ සාර්තකම සමාජ ගතවූ ආබාධ සහිත පුද්ගලයා. ඒ ස්ථානයත් ලැබුණා එයාට. මහත්තයා ගොඩාක් ධෛරවන්තයි. මාවයි පුතාවයි ජීවත් කරවන්න ගොඩාක් මහන්සි වෙනවා. හරිම දුකයි. නොසිතූ වෙලාවක මුලු රටම ගොදුරක් වූ කොවිඩ් හමුවේ අපේ ආර්ථිකයටත් පහර වරදුනා. දැන් කඩේ වැහිලා. මහත්තයාගේ ආබාධිත යතුරු පැදියත් අබලන් වෙලා. අපිට ඒවා හදා ගන්න මුදල් නෑ. මගේ පුතා විශ්ව විද්‍යාලය ප්‍රවේශය ලැබුවා. නමුත් ඇප්ලිකේෂන් එකනත් දැම්මේ නෑ තවත් දෙමව්පියන්ට බරක් වෙන්න බෑ කියලා. එයා දැන් රැකියාවක් හොයනවා. අපිට මේ වෙලාවේ අත හිත දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ."