Sunday, January 23, 2022
/ - General line - 0115112241 | - [email protected]

පාකිස්තානේ සිට හොරෙන් ගෙනා දෙයක් දඹුල්ලෙන් මතුවෙයි

1172Views

පාකිස්තානයෙන් ආනයනය කරන ලද බිට් රූට් තොගයක් දින කිහිපයක සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා හොර රහසේ අලෙවි කළ බව වෙළෙන්දෝ පවසනවා.

නුවරඑළිය ප්‍රදේශයේ ගෙන්වා ශීත ගබඩාවල තබා අලෙවි කරන බව පවසමින් ඉතා සූක්ෂම ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැල් කිහිපයක මෙම පාකිස්තානයෙන් ගෙන්වන ලද බීට්රූට් අලෙවි කළ බවයි ඔවුන් පවසන්නේ.

දේශීය බිට්රූට්  කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර ඉහළ මිලකට අලෙවි වීමත් සමඟ පාකිස්තානයෙන් ගෙන්වා තිබූ බීට්රූට් කිලෝව රුපියල් 220 ත් 280 ත්  අතර මිලකට අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.